Wednesday, September 4, 2013

wife ගෙදර නැහැ - 02

මෙය wife ගෙදර නැහැ - 01 හි දිගුවකි. එම කොටස කියවා මෙය කියවන්න

වේලාව : පාන්දර දෙකට පමණ

"අයියා... අයියා නැගිටින්න..." මගේ උර හිසින් අල්ලා සෙලවීමෙන් මම තිගැස්සී ඇහැරෙමි.

විඩාබර නෙතින් හා ආයාසයකින් මුව සරසා ගත් සිනාවකින් ඈ මා අබියස පෙනී සිටී. මිතුරන් තිදෙනා උඩුකය නිරුවත් ව වැටි සිටියි. බීමත් බව හා වෙහෙස ඔවුන් ගේ මැලවුණු මුහුණු කියා පායි.

"අනෙක් තුන් දෙනා ගේ වැඩ හරි, අය්ය මට කිව්වේ නම් තුන් දෙනයි. එත් කමක් නැහැ 6000ක් හම්බ උන එකේ අවුලක් නැහැ"

 එය වෘත්තීය මට්ටමේ අයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ඇරයුමකි. මට වැරදී ඇත. ඇග පත වාරු නැති වුවද අවශ්‍ය අංගෝපාංග, පොලිස් පති දුටු සැරයන් වරයකු මෙන් නිරායාසයෙන් ඍජු ව සිටී. මත් වූ විට හැගීම් පාලනය උගහට ය. අතේ දුරින් ඇති වීදුරුව කටේ හලා ගැනීමෙන් එන උගුර දැවෙන වේදනාවත් සමගම මම 
"නැහැ, මට ඕනෙ ඇති හු*$ක් නැහැ" පවසමි.

"අය්ය අනික් අය වගේ නෙවෙයි..." ඇය මදක් ම දෙස බලා සිට පවසන්නීය. මම සිතින් කොපවිෂ්ටව පුපුරන්නට පටන් ගනිමි.

"මේ වේ$ හිතාගන ඉන්නේ මම මුන්ගේ අන්තප්පුරය ආරක්ෂා කරන නපුන්සක guard කෙනෙක් කියල ද දන්නෙ නැහැ. මම හිටපු අමාරුව මම නේ දන්නෙ. මම නොකෙරුවේ පහන අල්ලපු එක විතරයි" ඒ මගේ සිතයි. මම මුවින් නොබැන ඉවසමි.

"අය්ය, හරි වැඩේ නේ මම යන වීල් එකේ අය්ය ගේ phone එක off කරලා නෙ" කොරේ පිටට මරේ යනුවන් පැරණියන් පවසන්නේ මෙවන් සිදු වීමකට විය හැක. කුමක් කරන්න ද

මම පාරට බැස ත්‍රී වීලරයක් එන තෙක් රැක සිටිමි. වාසනාවට ත්‍රී වීලරයක් පැමිණ නවත්වයි. 

"මල්ලි, මේ අක්කව දෙහිවල ට දාන්න" ත්‍රී වීලේර් රියදුරා ගේ මුහුණ දැන් මට පැහැදිලි ව දිස්වේ.

"ආ නිමල් අය්ය night duty වගේ...." වාසනාව අවාසනාව වීමට වැඩි කාලයක් නොවන බව ට හොදම උදාහරණය මෙයයි. මගේ මත අඩකින් සිදුනු සෙයකි. පෙට්ටියකින් එලියට ආ අයෙකු මෙන් මම පිළිවදන් දෙමි. නොකළ සිල් පද බිදුමට මට වන්දි ගෙවීමට සිදු ව ඇත.

"ආහ්හ්.. මේ සරත් මල්ලි නෙ.. දන්නැද්ද ඉතින්........"
මට බිය වීමට දෙයක් නොමැත. මිතුරෙක් මිතුරෙකුව කිසි දින පාවා නොදෙයි. එයට අපි පවසන්නේ "බොක්ක" යනුවෙනි. මද දුරක් ගොස් නැවැත් වූ ත්‍රී වීලරය ගමනාන්තය වෙනස් කර අසල පහිටි ගුරු පාරට හරවනු දුටු මම තනිවම සිනා සෙමි. මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරුව අදටත් පවතී.

වේලාව : සෙනසුරාදා පාන්දර හයට පමණ

මිතුරන් පිටත් වීමට හැර set උන තැන කිසිත් සිදු නොවුවක් මෙන් අස් පස් කර දැමීම මට අයිති කාර්යයකි. මිතු දම යනු මොවුන් ගේ කුණු ඇදීම ද? මට ම සිතේ. නැවතත් මම නිදියමි.

වේලාව : සෙනසුරාදා උදේ දහයට පමණ

ප්‍රිය බිරිද ගේ කට හඬ මා අවදි කරවයි.

"හානේ මෙයා තාම නිදි. මම ගාල්ලේ ඉඳන් පාන්දරව ආවේ. ඔයාටත් කෑම එකක් ගෙනාවා අද night එක නේ?"

"හ්ම්ම්... මොකද මේ ඇස් රතු වෙලා ... යාලුවෝ එහෙම මේක අස්සේ රිංගුවා ද?" සක මුසු ස්වරයකින් ඇය ප්‍රශ්න කරයි. මදක් පැකිලී මම නැහැ යනුවෙන් පිළිවදන් දෙමි. යහළුවන් වෙනුවෙන් සිව් වන සිල් පදය කැඩීමට සිදුවීම මගේ පළමු අත්දැකීම නොවෙයි.

"මේ පැටියෝ, ඔයාට පුළුවන් නම් ගේ පොඩ්ඩක් අතු ගාල දාන්නකෝ. මට මහන්සියි.." බිරිය ගේ චාටු බසට හසුනොවන පිරිම්යෙකු සොයා ගැනීම කළුනික සොයන්නාක් මෙනි. මම බොරු අහංකාර කමක් පෙන්වා

"හනේ ඉතින් ගෙදර ඉන්න දවසටවත් නිදහසේ ඉන්න දෙනවකො " යනුවෙන් පවසමි. එහෙත් කොස්ස අතට ගත් මම ගේ අමදින්න ට වීමි.

කොස්ස ඇඳ යට ට දැමුවා පමණි...

මගේ හිස බ්‍රමණය වෙන්නාක් මෙන් දැනේ. ඇගේ හී ගඩු පිපෙයි. ප්‍රාණ සම මිතුරන් ගේ මවු දෙමව්පියන් නොනවත්වා සිහි වෙයි. ජීවිතයට නොසිතෙන වියරු, ප්‍රාථමික සිතුවිලි සමගින් මවු දෙමව්පියන් නොනවත්වා සිහි වෙයි. වැය කිරීමට කාලයක් ඉතිරිව නොමැති මා, වලිගය ගිනිතබා ගත් හනුමා මෙන් දිව ගොස් shopping bag එකක් ගෙනෙමි................

වේලාව : සෙනසුරාදා සවස පහට පමණ

වේගයෙන් අඩි තබමින් රැකියා ස්ථානය කරා දිව යන ම හට මිතුරන් තිදෙනා සතුටු සාමීචියේ යෙදෙනු පෙනේ. මා දුටු වහාම ලක්මාල්

"ආ නිමල් අය්ය, ඊයේ රෑ තමයි රෑ..." වැකිය නිම කිරීමටත් පෙර මගේ පිළිතුර අතුල් පහරකිනි.

සියල්ලෝම තුෂ්නිම්භූතව සිදු වුයේ කුමක් ද, වෙන්න යන්නේ කුමක් දැයි මුව අයා සිටිති. මගේ සියොලග වෙවුලා දහදියෙන් තෙත් ව ඇත.

"යකෝ තොපි කැ$ බල්ලෝ.. තොගේ අම්මලා ට #$%#@%% " තවත් සහෝදර සගයෙකු පැමිණ මා බදා ගෙන ඇත. පිරිස වට වී නාට්‍ය රංගනයක් සේ රස විදියි. මට කම් නැත.

"තොපේ පු& අමාරුවට තොපි මගේ පවුලටත් කෙලවනවා තව පොඩ්ඩෙන්, කැ# හු##$% පුතාල #@$#$ # $#$#%^#$#$Q @!@!#@$"

"මම තොපිට ඇදුම් තුනක් ගෙනාව සයිස් තුනකින්. සුද්ද කරලා හරියන එක ඇදගනියව් අම්මට හු#$% සක්කිලි හැත්ත... තොපිට මම කොලා වැඩියි " අතේ ඇති මල්ල ඔවුන් දෙසට විසි කරමි

වෙවුලන දෑතින් දිලන්ත දෙනෝ දාහක් මැද මල්ල දිග හරියි

ප්‍රීති....ප්‍රීති....ප්‍රීති..........

ප්‍රීති small.....ප්‍රීති medium......ප්‍රීති large.............

6 comments:

  1. හැක්.. හැක්... නියමට ලියලා තියෙනවා.

    ඕකට කියන්නේ "බල්ලොත් එක්ක බුදියපුවම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා" කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... මේක ඇත්තටම වෙච්ච සිද්ධියක්. හැබැයි මට නෙවෙයි.

      Delete
  2. හොකෑස්.... අරුන් මලු 3 ගෙනිච්චද දන්නෑ :)

    බිව්වම කබරය දානව නම් අහල තියෙනවා. මුන් බොගත් දාලනෙ :P

    ReplyDelete
    Replies
    1. හැක්, බොග දැම්මට එහා මේවා ගෑනිට මාට්ටු උනා නම්. උන් ප්‍රීති දාගෙන ගියා ද දන්නේ නැහැ

      Delete
  3. අන්තිමට අරු කොපුත් ඇද්දද

    ReplyDelete
    Replies
    1. හික්, එකනේ අය්යේ තව පොඩ්ඩෙන් උගේ පවුලත් විනාසයි...

      Delete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...