Tuesday, July 23, 2013

මුට්ටිය කුඩු කර ගැනීම - 1

මේක අවුරුදු 13 කට කලින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන කාලේ වෙච්ච මරු යාං හෑල්ලක්.

අපි අපේ කථා නායකයා ට මුට්ටියා කියමු. මුට්ටිය මහා අමුතුම character එකක්. කටේම තිබුනේ බ්‍රහ්ම talks. අපි ඒ කලේ කොලු කමට මොකක් කරත් ඌට පේන්නෙම වැරදි විතරයි.හරියට අපේ අම්මා මෙන්ය. මූ act කරන්නේ රහත් වුවෙක් වගේමය. චඃ මට වැරදුනා ඌ ආගමේය. ආගමෙත් ඇතිනේ රහත් වගේ මොකක් හරි.

මුට්ටියා ගමේ ඉන්න එකම කෑල්ල නිසා නැවේ එකක් දිහා ඇහැක් ඇරලා වත් නොබලයි.  රහ මෙරින් තොරය. set උනේ නැතිවුනාට කමක් නැත. එතනට ඇවිල්ල බීමේ ආදීනව ගැන පොර talk දෙන එක නම් ඉවසන්නම බැරිය.

සිකුරාදා හවසක කරන්නට කියා මගුලක් ද නැත. අතිජාත ගජයෝ එක්ක පුරුදු ලෙස set උනානම්. මන්ත්‍රී හා ඩීප් ව අල්ලාගෙන වග කියන්නට වුනෙමු.

ෂොට් දෙක වදින කොට.. හිතේ තියෙන problems පාචනය හදුනා එකාට බඩ එලිය යනවා වගේ එලියට ඇදේ. කිසිම control එකක් නැත. දැන් ඉතින් ඩීපුයි, මන්තිරියයි එක බඩ වැල කඩාගෙන ආපු නිවුන්නුන්ටත් වඩා fit ය.

"අඩෝ යසිය, කෝ බන් මුට්ටිය පෙන්න නැත්තේ" ඩීප් අසයි.

"අපෝ, ඇති යාන්තම් ඌ අද ගමේ බඩ ගෑවා. ඕකට සිකුරාදා හවසට අරක දන්න ගන්නවනේ. ඉතින් ගමේ කෑල්ල බලන්න දුවනවා" මම අරක කිව්වේ උගේ "පිවිතුරු" හදට නම් නෙවෙයි

"ලොකු දෙයක්, හිටියනම් මල ඇනයක්. ආතල් එකත් කනවා ඕකා. අපි වගේ weekend එකට පාවිච්චියට මෙහේ බර එකක් තියා ගත්තනම් වියදමත් ඉතුරුයි. උඹට කියන්න, ගිය සතියේ මම ඒක ඇද්ද මරු පොට් එකකට. වියදමත් ඒකිගෙන්. අම්මා එකී දුන්න සැපක්. සැප කනේ.........#$#%#%#^#^#^#$^%$% #$#43. ඕව තමයි මල්ලි techniques කියන්නේ"

මන්තිරියට හොඳටම වැඩි වෙලා ය. මූ හරියට කතා කරන්නේ ආදම් හා ඒවගේ honeymoon එක වගේය. ලෝකේ ඌ ඕක කරන්න කලින් කී දෙනෙක් ඕක කරන්න ඇද්ද. දැන් දැන් මටත් මල පැන ගෙන එයි. අපි නොදන්නා chess ය. මල මගුලකි, තව ටිකක් වෙලා ගියොත් මූ හිටපු positions ටිකත් විස්තර කරනවා dead ෂුවර් ය.  මොනා වුනත් කෙල්ල පවුය. මම ඌව කාණුවේ ඇරීමට chapter එක ටිකක් මාරු කලෙමි.

"මූ මොන හු$%ක් කියෝනවද. එක නෙවෙයි මචාං, අපි මුට්ටියට byte එකක් දෙමු කෝ උගේ පොර talk වලට කෙල වෙලා යන්න"

"යකෝ ගූඩ් අයිඩියා.......... අපි දෙමු ගේමක් උගේ මුට්ටිය කුඩු වෙලා ම යන්න" ඒ ඩීප් ය.

"ඔව් වොව්,  ඕකා මගේ කරත්තෙටත් උදැල්ල දාන්න set උනා බණක් කියාගෙන. යන්තම් වැඳලා shape කරගත්තේ. මට මතක් වෙනකොටත් මචන් අසූ හාරදහට මල. මාත් එක පයින්!!" මන්තිරියා දොඩවයි.

බිව්වහම කොහොමත් එහෙමය. බොක්කෙන් sup එක වගේම පරන arrears සුත් ඒ ගානටම මතක් වෙයි. මූ කොච්චර mod වෙන්න හැදුවත් උගේ ගොඩේ ගති තාම ඇත. හැම රෙද්දටම "එක පයින්" කියන්නේ එනිසාය. හැබැයි, දැන් ඇත්තටම මූ එක පයින් ය. තව ටිකකින් අනික් පයටත් කෙල වී කෙහෙල් කොටය වැටුනක් මෙනි. චඃ මටත් වැඩි උනාම හිතෙන මල ඉලවු ය.


පලෑන ඩීප් ගෙනි.

"මචන්ලා අපි ...................................................................................... ...... "

"අනේ පල හු$% යන්න. ඕක හරි ගියොත් මම බ්ලොම් එකේ කොරිඩෝ එකේ සරම නැතුව ඔලුවෙන් හිට ගන්නවා" ඒ මම ය.

"හිකි හිකි හිකි , යකෝ මට පු%නුත් හිනා. ඕව ඔට්ටු වෙන්නේ කොහොමද බන්. තොගේ ඕක දැකපු නැති එකක් ඉන්නවද මේ බ්ලොම් එකේ. bet should include risk" ඩීප් නැති ඉංගිරිසිත් බිව්ව වෙලාවට මතක් කරගනී. ඌ normal වෙලාවට පර භාෂාව යැයි ඉංගිරිසි පතුරු ගසයි.

"අඩෝ I Accept Challenge!!. හැබැයි උඹ මට රුපියල් පන් සීයක් දියන් හරි ගියොත්. උඹ ඉතින් බර කාරයනේ"

මම okay.

ඩීප් ගේ high level plan එක

1. සැලසුම් කිරීම (80% අවසන්ය ) - Planning
2. අභිප්‍රේරණය(motivation) මගින් මුට්ටියා වැඩේට උටත් නොදැනීම කැමති කරවා ගැනීම - Initiating
3. මුට්ටියා මුට්ටිය කුඩු කර ගැනීමට අවශ්‍ය පසු බිම සැකසීම හා එය කරවීම - Executing
4. ඌ මුට්ටිය කුඩු කරන හැටි නිරීක්ෂණය හා නිවැරදි ලෙස කුඩු කර ගැනීමට රහසින් උපකාර කිරීම - Monitoring and Controling
5. මුට්ටිය කුඩු කර ගත් පසු ආතල් එකක් ගැනීම සහ ප්‍රති ප්‍රහාර සඳහා මුහුණ දීම - Closing


එන සතියේ plan එකේ කොටස් වශයෙන් විස්තර කරන්නම්. දැන්නම් ඔලුව කැරකෙයි. උන් දෙන්න ගොරෝද්දේ අදියි. මම නිදි.

ප.ලි. :- මෙහි ඇති වචන භාවිතය පිලිබඳ ප්‍රබුද්ධයෝ කමත්වා.මොනවා කරන්න ද, දෙක වදින කොට හර බර වචන අමතක වෙයි. එය වල් කම නොවෙයි අව්‍යජත්වයයි. හුටා, අන්තිම වචනේ බර වැඩිද මන්දා





Wednesday, July 17, 2013

Ward No 09

දිනය:2013/07/15 පෙ.ව. 11.00
ස්ථානය: පේරාදෙණිය රෝහල. වාට්ටු අංක 09

මම කඩිමුඩියේ පඩිපෙළ නැග දිව ගොස් ward 09 අසල නවතිමි. විනිවිද නොපෙනෙන විශාල දොර අසල කාන්තා ආරක්ෂණ නිලධාරිනියක මා ආ කරණය විමසයි.

“Sir, කාව හම්බ වෙන්නද?”

“මට ward එකේ doctor 11.00 ට එන්න කිව්ව” මම පිළිවදන් දෙමි.
ඇය ඇත ඇති යතුරු කැරැල්ලෙන් ඇය දොර හැර මට ඇතුලට යාමට ඉඩ දෙයි. හෙද සහායිකාවක් පැමිණ ආ කරණය විමසා
“Sir ඉඳගන ඉන්න අද මඩම් ටිකක් පරක්කුයි visit කරන්න, Sir ward එකට නම් යන්න එපා”

ඇය මට උපදෙසක් ද දී සිය සුපුරුදු රාජකාරියක යෙදෙන්නීය. මම කොරිදොරයේ ඇති බැංකුවේ හිද සිටින විට මට වාට්ටුව මැනවින් දිස්වේ. කරන්නට අන් කිසි කටයුත්තක්ද නැත, ජංගමය ද ක්‍රියා විරහිත කර තිබේ.
කාලය සෙමින් ගෙවෙන්නාක් මෙන් මට දැනේ. නැවත වාට්ටුවේ විශාල දොර හැරෙන හඬින් මම තිගැස්සී එදෙස බලමි. හැඩකාර තරුණයකු මදෙසට පැමිණෙයි. අඩි හයක් පමණ උසැති ඔහු ඩෙනිම් කලිසමකින් හා T shirt එකකින් සැරසී, කොණ්ඩය ජෙල් කර ඇත. ආරක්ෂණ නිලධාරිනිය සමග ඔහු කථා කල කුළුපග අයුරින්, ඔහුව සෑහෙන කලක සිට අදුනන අයකු බව තේරුම් ගත හැක. ඔහු මා හා සිනහ සී මා අසලින් හිඳ ගති.

“චිත්රන්ගනී ගේ husband එන්න”

ඒ වාට්ටුව භාර ප්‍රධාන හෙදියගේ කට හඬයි. තලෙළු පැහැයෙන් යුතු, ප්‍රසන්න පෙනුමකින් යුතු යුවතියක ඔහු සිටින කාමරය දෙස වරින් වර එබී බලනු මට දිස්වේ. මම උපන් කුතුහලයෙන් යුතුව ඒ දෙසට අවධානය යොමු කරමි. පැය කාලක අවෑමෙන්, ඔහු සැහැල්ලු, සිනහ මුසු මුහුණින් කාමරයෙන් එලියට එනු මට දැකිය හැකිය. ඔහු කෙලින්ම ඇය වෙත පැය නගමින් ආදරයෙන් වැළඳ ගනුයේ මා ඉදිරියේය.

“අපිට අද ගෙදර යන්න පුළුවන්, සුදු ඔහු අයව අමතන්නේ සුදූ යන ආදර නාමයෙන්. ඇය පස්වනක් ප්‍රීතියෙන් පිනා යනු මගේ මනසට ගෝචර වෙයි.

“හානේ, ඔය අදත් කෑම එකක් ගේනවද?, ඉන්න මට ඔයාට introduce කරලා දෙන්න මගේ බෙස්ට් friend ව, අපි එයාට මේ බත් එක දෙමු.”

මොහොතකින් චිත්රන්ගනී සිය මිතුරිය වන රුවන්ගි අතින් ඇදගෙන පැමිණෙයි.

“මේ තමයි රුවන්ගි, මෙයා හොඳට ඉගෙන ගන තියෙනවා. පේරාදෙණිය agri faculty එකේ final year එකේ දැන්” ඇය සිය සැමියාට සාරාංශ කර දක්වයි. රුවන්ගි වක්කඩ කැඩුවාක් මෙන් සිය කථාව හෙළි කරන්නී

“අයිය, මම agri faculty එකේ අන්තිම අවුරුද්දේ ඉන්න කොට තමයි ලෙඩ උනේ. පේරාදෙණියේදී තනිකම මට ඔරොත්තු දුන්නේ නැහැ නේ. දැන් මට bipolar. මම දැන් හොඳට හිටියට තව ටිකකින් අවුල් තමයි”

රුවන්ගි තම අසනීපය පිලිබඳ හොඳින් දැන කටයුතු කරන්නියක් බව මට පසක් වෙයි. මානසික රෝග වල තත්ත්වය එසේ විය හැක. තම අසනීපය, එයට හේතුව, එය සැදෙන මොහොත දන සිටියද, එය පාලනය කිරීමට රෝගියාට නොහැකිය. ඇයගේ කථන විලාශයෙන් ඇය කිසිදු මානසික ප්‍රශ්නයකින් පීඩා විදින්නියක් සේ මට නොහැගෙන්නේ මා මනෝ විද්‍යාව හදාරා නොමැති නිසා විය හැකිය.

“නංගි, අයිය අදත් මට කෑම ගෙනැල්ල, ඔයගොල්ලෝ බෙදාගෙන කන්න”

චිත්රන්ගනී කුඩා දරුවකු මෙන් සිය සමියාගේ අතෙහි එල්ලී ගමන් කරනු මම නිරික්සමි. ඇයගේ හැසිරීමෙන් ඇය සියයට සියයක් ම නිරෝගී නොවූ සෙයකි. නමුත් ඔහුට ඇය මහා මෙරකි. මෙතරම් කඩවසම් තරුණයකු ඇය හා මෙසේ නික්ම යාම, ඇය ගිලන් වූ පසු නිරතුරුව බැලීමට පැමිණීම, දිවා අහර ද සමග පැමිණීම, මා විස්මයට පත් කරවයි. එහි ඇත්තේ කායික හෝ සමාජයීය බැදීමක් නොව, අනෙකා වෙනුයෙන් කරන අනවරත කැප කිරීමයි. නන්දා මාලිනිය සඳ එලිය සේපිවිතුරු ප්‍රේමය ගැන කවි බසෙන් පැවසීම ට වස්තු වුයේ මෙය විය හැකි ද? එය ඔහු වැනි “නුතන” පෙනුමකින් යුතු, දකින දකින කෙල්ලන් සමග dating යැයි නිදා ගත හැකි පෞරුශයක් ඇති අයෙකු තුල තිබීම ගැන මම තුටු වෙමි. මා තුටු වන්නේ නුතන සමාජය ගැන වපරැසින් බලන්නන් වෙත සිතීමට යමක් තවමත් ඉතිරි වී ඇති බැවිනි.

චිත්රන්ගනී ඇත වනමින් යනු රුවන්ගි දුකින් මෙන් බලා සිටිනු මට පෙනේ. රුවන්ගි ට යෙහෙළිය ගේ වියෝගය ඇගේ bipolar අසනීපය උත්සන්න කරතැයි මට සිතුනද මගේ සිතුවිල්ල සාවද්‍ය ය.

“ෂෙරිල් නංගි, බත් එකක් තියෙනවා බෙදාගෙන කමු.”

අයගේ කෑ ගැසීමට නව යෞවනයේ සිටින ෂෙරිල් දිව ගෙන එන්නීය. ෂෙරිල්, stylish ඇඳුමක් ඇඳ සිටී. ඉතා පිළිවෙලට පීරන ලද බොලට දක්වා දික්වූ ඇගේ කොණ්ඩය මවනුයේ මනස්කාන්ත දසුනකි. මොහොතකට මා සිටිනුයේ කුමන තැනක ද යන්න මට අමතක කිරීමට ඇයගේ රුව සමත් වූ බව මා නොපවසා සිටියහොත් මා කුහකයකු ලෙස මට ම සිතෙනු ඇත.

ෂෙරිල් දිව ගෙන එත්ම
“ආ සුනෙත් අය්යේ, අද ඔයා මාර handsome ආ.... very seductiveවාට්ටුවටම ඇසෙන්නට කෑ මොර දෙන්නීය.

වෛද්‍ය ශිෂ්‍යයකු ද වූ ඔහු විපිළිසර වනුයේ ඔහුගේ අත්දැකීම් හිඟ භාවය නිසා විය හැකිය. සුනෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම handsome බව මට පෙනෙයි. එකම වෙනස ඇය ඇයගේ සිතට ආ අදහස නොවලහා හෙළි කිරීම පමණි. එවන් අවංක ප්‍රකාශයක් පිස්සුවක් බවට පත් කරන්නේ අප සමාජයයි.  අප සමාජයීය බැඳීම් මගින්, අපගේ නිදහස් අදහස් ප්‍රකාශනයට විලංගු දමයි. එම විලංගු බිඳ දමා යන්නන් උන්මත්තකයන් ලෙස හංවඩු ගසයි. අපගේ සමාජය උන්මත්තක භාවය මනින මිම්ම සංශෝදනය විය යුතු බව මගේ අවංක අදහසයි. එම අත්දැකීම් වලට ඔබද මුහුණ දුන්නේ නම් ඔබට ද එසේම සිතීම ඒකාන්තය.

කෙළිලොල් යුවතියක් වූ ෂෙරිල්, බත් පත රුවන්ගි සමග බෙදා හදා ගනිමින් කුමක් හෝ මුණු මුණු ගායි.

වෙලාව : දහවල් 12:00

රෝගීන් බැලීමට කිහිප දෙනෙකු පැමිණෙයි. එය වෙනත් වාට්ටු හා සැසදීමේදී ගිනිය නොහැකි තරම් කුඩා ප්‍රමාණයකි. මා ඉදිරියේ සිටින කාන්තා ආරක්ෂණ නිලධාරිනිය ගෙන් මම විමසමි.
“මේ වාට්ටුව, හැමදාම ඔහොම තමයි sir. ලෙඩ්ඩු අවුරුදු ගණන් මෙහේ ඉන්නවා. ගෙදර අයට එපා වෙලා වෙන්නැති මයෙ හිතේ”

එහෙත් හේතුව එයම නොවෙයි. අප සමාජය මානසික රෝගීන් සලකනුයේ ඉතා දරුණු උන්මත්තකයන් ලෙසිනි. මෙවන් රෝගීන් රහසේ වාට්ටුවට ඇතුලත් කර භාරකරුවන් අත පිසදා ගනු, මටත් වැඩියෙන් කාන්තා ආරක්ෂණ නිලධාරිනිය අත් දැක ඇත. සමාජ කතිකාවතකින් මෙම මතය දුරු කල යුතු බව මට සිතේ.

රුවන්ගි ගේ campus රූමට ඇය අමතක කල නොහැකි සෙයකි. ඇය පැමිණි වහාම සාදරයෙන් පිළිගත්තේ ෂෙරිල් විසිනි. ෂෙරිල් ඇය අතින් අද ගෙන ගොස් රුවන්ගිට මුණ ගස්වයි. රුවන්ගි රූමා සමග මොනවදෝ මුණු මුණු ගානු මට පෙනෙයි.

“miss, රුවන්ගි ට වැඩි වෙලා වගෙයි පොඩ්ඩක් ඇහැ ගහගෙන් ඉන්න” එය ප්‍රධාන හෙදි නිලධාරිනිය විසින් තවත් හෙදියක ට දෙන උපදෙසකි.

Let’s Dance!!” රුවන්ගි රූමා අතින් ඇද නර්තනයට ඇරයුම් කරන්නීය. ඇය ලැජ්ජාව සහ සමාජ බැදීම් ඉවත දමා ඇය සමග නර්තනයට එක් වෙයි. අනෙකුත් රෝගීන් වට වී අත්පුඩි තලති. මට කොහේදෝ ඇසු කවියක් මතක් වෙයි.

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

මා දෑස අබියස දිස්වන්නේ එම පදයෙහි අර්ථය ම නොවේ ද? ඇයගේ උතුම් පරිත්‍යාගය ට නිසි තැනක් ලැබිය යුතුය. රුවන්ගි නිරෝගී වූ දිනෙක ඇය කෙරෙහි කෘතඥ වනු ඇත.

මා දෑස අමතක වූ යමක් සොයයි. ඒ ෂෙරිල් ය. ඇය මෙම රංගනයේ කොටසක් නොවීම මා මවිත කරවයි. මගේ යටි සිතට අමතක වූ යමක් මගේ උඩු සිත මතකයට නංවා දෙනු ලබයි. ඒ ඇය රෝගියකු බවයි. එහෙත් මගේ යටි සිත එය පිලිගනුමට මැලි වූ සෙයකි.
ෂෙරිල් වාට්ටුවේ සිය ඇඳට වී ඉකි ගසමින් හඬනු මට දක්නට ලැබෙයි. මම හෙමින් සීරුවේ ඇඳ වෙත පියමන් කරමි.

“අනේ දැන් visits එන වෙලාව..”

“එය ඇවිල්ල ඉන්නවා, මට ඇහුන vehicle එකේ සද්දේ, එයාට එන්න දෙන්න please”
Please Help me on this matter”

“එයා කෑවද දන්නේ නැහැ. එයාට කන්න කියන්න ඕනෙ. මම රුවන්ගි අක්කත් එක්ක කන ගමනුත් ඔය ගැනමයි කිව්වේ රත්තරන්”

“Please මට එක වචනයක් එයත් එක්ක කථා කරන්න දෙන්න. මම දන්නවා එයාට මම නැතුව බැහැ. එයා දුක්විඳිනවා මට බලන් ඉන්න බැහ රුවනි අක්කේ” ඇය හෙදියට ඇවිටිලි කරයි.

මෙය සුජීව ප්‍රසන්නාරච්චි මහතාගේ බොළඳ නව කතාවක දෙබසක් ලෙස යමෙකු ට හැගී යා හැකි වුවද, ඇයගේ ඉරියව්,හැගීම් මා හට කටුක සත්‍යය මෙය යැයි පසක් කරවයි. ඇය සොයන්නේ නැතිවූ අවංක පෙම නොවේද? අවංක බවේ ඉරණම මානසික වියවුල් භාවයද?

“ෂෙරිල් නංගි, එයා මට කථා කරා. කෑම කෑවා ලු. අද වැඩ වැඩි හින්ද එන්න බැරිවෙයි කිව්ව” හෙදිය පිළිතුරු දෙයි

ඉතා කෙළිලොල් සිනහවක් මුවට නගා ගත් ඈ

“ඇති යාන්තම්, එය කෑවා නම් මට හොඳටම ඇති, එය හෙට එයි!!”

වෙලාව : දහවල් 1:00

“ලෙඩ්ඩු බලන්න ආපු අය දැන් යන්න. වෙලාව ඉවරයි” ඒ ආරක්ෂණ නිලධාරිනියගේ හඬයි.
කටකාර ෂෙරිල් ගේ හඬ ඈ පරයා නැගී එයි

“ලෙඩ්ඩු බලන්න ආපු අය ඉඳල ලෙඩ්ඩු දැන් යන්න. වෙලාව ඉවරයි”

එය අයගේ අවංක බලාපොරොත්තුව විය නොහැකි ද? ඇගේ පෙම්වතා සමග දුක සැප බෙදා ගැනීම අයගේ එකම බලාපොරොත්තුව විය නොහැකි ද? දහසකුත් එකක් ප්‍රශ්න එම කියමන හරහා ම සිත හොල්මන් කරයි. මම විසදුමක් පතා ෂෙරිල් ගැන ආරක්ෂක නිලදරිනියගෙන් විමසමි.

“sir, ඔය ළමය කොල්ලෙක් එක්ක case එකක් දා ගෙන පරිවාසෙන් මෙහෙට ගෙනැල්ල දාල දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. නුවර ලොකු ඉස්කෝලෙක ඉගන ගෙන තියෙන්නේ. එදායින් එදා, අද වෙනකම් කවුරු වත් බලන්න ආවේ නැහැ මගේ මතකෙ හැටියට. හැමදාම දවල් 12 ට ඔහොම තමයි”

ෂෙරිල් ගේ කථාව ගැන මම මෙයට වැඩි යමක් නොකියමි. එය සිතා ගැනීම ඔබට භාරය.

“sir, doctor madam sir ට කථා කරනවා” පැය දෙකක බලා හිඳීමෙන් පසුව මා ඇය හමු වීමට යන්නේ දශක දෙකකින් දිවිය පරිනත වූ අයෙකු පරිද්දෙනි.

කතෘ සටහන

මෙය සම්පුර්ණයෙන් ම සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු අන්දරයකි. නම් පමණක්, කථාවේ පහසුව සඳහා යොදා ගනු ලැබිණි. අද ද ඔබ මෙම වාට්ටුවට ගිය හොත් මෙම චරිත ඔබට හමු වනු ඇත.