Saturday, September 14, 2013

මගේ (අව)මගුල හා ඇය

ගත පිරූ දාහය.. නිවෙයි අසුරු සැනින්.. හිරු දුටු කදෝපැනියෙකු ලෙද..
දුහුළු මලක මෙන් ම සිත.. සරයි ගගනත..
දකිනෙමි ම ගත... බිදී විසිරී අසරණව.. බලනෙම් මම විපිලිසරව.. මගෙම වූ ගත දෙස..

සඳුන් සයනෙක මම.. වැතිරෙමි මගුල් ඇදුමින්..
සැප රියක සැතපී .. සෙමින් යමි ම නිවස දෙස
සැරහූ මග දෙපස.. ගොක් කොළ රටා දුටු වන
නගයි මතකයට මා මංගල දිනය...

ම පිලිගැනුමට ඇය..බලා හිදී ඉදිකඩ..
සත් මාල නොපලදා.. අබරණ ද හැර පියා..
මගුල් ඔසරිය හැර ද...සුදු වතින් සැරහී..

හැඟුම් තොර මිනිසුන්.. වඩා හිදුවයි පෝරුව මත..
ම වට කල දළ දෙක.. නගයි මාගේ ඔද තෙද..
ඇය පෝරුවට නැංවූ.. පියාණන් ඇ අත ගෙන...එබිකම් කරයි ම දෙස..
ජයමගුල් හඬ නොව.. හැඬුම් වැලපුම් නද මැද..
සිහි මදවූ ඇය .. ම හිඳවූ පෝරුව.. පිලිකෙවූ කරන යුරු.. දකිමි ගගනත හිඳ..

ඇ සිත කියවමි මම ... 
දැඩි සොවද විරහවද..පරයා නැගී සිටගත්..
තම අනගත දැකුම..තම අනගත රැකුම..
කරවයි ම සිත කම්පිත..වඩවයි ම සිත දොම්නස..
අත් හරිමි මම ඇය.. මා දෙවැනි කොට සැලකු.. 

ම මිතුරු සැම දෙන.. වට කොට ගත් ම ගත..
සොව බර දෙනයනින්.. බලා හිදී නිසලව

තුරල් වූ සෝ නද...යොමයි දෙසවන වෙනතක
වීදුරු ගැටෙන හඬ...මවයි උත්සව සිරිය..
පැණි බීම සහ කෝපි.. පිදෙයි ආ උන් වෙත..

නිසා යම එලබී...ම මිතුරන් ගොනු වී...
විදියි දිවියේ සොම්නස ..
දුමින් පිරි ල මඩලින්...සිනහ පිරු එ වතින්

වියපත් මිත්තනිය.. රකියි මා තනි නොතනිය..
හැර දැමු ම දිවිය.. රැකුමට යමක් පෙනිණි ද..

ගගනත සරණ මම..නවතිමි දුටු එ දසුනින්
රහසිගත මා පෙම..
පැමිණ ඇත මා දැකුමට..
සිය පති ද පුතනුවද..
කැටුව ඇත මා දැකුමට..

අසම්මත ම පෙම..
සිය සොව පිට උනට..
පෙන්වා යන්තමින්..
සිර කර ගති එ හැගුම...
ලොවට සැඟවූ එ හැඟුම..

සිය පති ය මග හැර..පැමිණි ඈ මා ගත වෙත..
සිපගති ම නළලත.. ලොව දැකුමෙන් සැඟව..
රූරා වැටුණු එ කදුල..
සිපගති ම නළලත.. ලොව දකිනට හැකිව..

ඇ සිත කියවමි මම ...
දකිමි තෙරපන එ විරහව.. දකිමි නිරතුරු පෙලන ඒ සොව..
අන් අරමුණින් තොර වූ.. මවුවත් ගුණය සැගවූ..

රොක් වී සනුහරය..
ගයති මා සතු ඒ ගුණ..
නගයි මතකට මංගල සබහව..
මම නොදත් ඒ ගුණ..
සිනහ නංවයි ම සිත...

සඳුන් දර සෑයෙක.. මහල් සතෙකින් පායෙක..
ඇතුළු කල මා දෙන..මවයි සුවිසල් දසුනක්..
දහසින් බැදී පියෙලි.. දිය කල හැරිය එ සොහොන..
මවයි සුවිසල් දසුනක්.. මිලෙහි ඔද තෙද මේ යැයි..

දවයි ම ගත.. සදුන් දර සෑයෙහි..
නිවයි ම සිත.. දුටු දහමින් ලොවෙහි..
සරයි ම සිත.. ලබනට බැඳුම ගතෙහි..
පතයි මසිත..වෙලෙනට ඇයගෙ කුසෙහි..

19 comments:

  1. ඔන්න ඔහොමලු වෙන්නෙ :/

    ReplyDelete
    Replies
    1. කාට උනත් ඔහොම තමයි. අපේ බැදීම් අපව අත් නොහරී. ඇගේ කුස පතන මගෙන් උපන් මම මෙන්.

      Delete
  2. Replies
    1. ඔව්.. අවමගුල මගුලක් කරගත් මිනිසුන්. තම යහපත ගැන පමණක් සිතන ලබැදියන්. නැති ගුණ වයන නෑ සියන්.

      Delete
  3. ලස්සන නිර්මාණයක්..............

    මරණය ඔබ වෙනස් කෝණයකින් දැකලා තියෙනවා වගේ ම හොද කවීත්වයකින් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් වුණා. ඉවරවෙනකල් ම කියවන්න ආස හිතුණා.

    කුරැටු ගෑ ගී පවුරේ අපි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ විචාරයට. සත්‍යය කටුකයි රෙප් මහත්තය පැවසු අයුරින්. එකම දෙය වෙනස් කෝණයකින් දැකුමෙන්, අන් අයට නොදැනෙන දේ ග්‍රහණය වෙයි. පුහුදුන් මිනිසකු, නිවන් නොදක සිය කෙලෙස් සයුරේ ගිලෙනයුරු ද මෙහිදී මා නිරූපණය කිරීමට වෙර දරනවා.

      Delete
  4. කොහේදෝ තැනක ගිහින් නැවතුනා.

    ReplyDelete
    Replies
    1. නැවතුනු තැන හොයන්න මහන්සි ගන්න එපා. හිත කියන තැන හරි වෙන්න ඇති. :-)

      Delete
  5. හ්ම්ම්ම්..... නිකම් කැරකිලා කැරකිලා කොහේදෝ පාවෙලා ගියා වගේ දැනුනා. මරණය ගැන වෙනස්ම මානයකින් ලි‍යැවුන කවි පෙලක්. අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම මේක ලියනකොටත් එහෙමම දැනුනා. හරියට ගන්දබ්භයා අහසේ පාවෙනවා වගේ.

      Delete
  6. හරිම ලස්සනට ලියල තියෙනවා...ජීවිතේ යථාර්තය වගේම...අපිට හරිද වැරදිද කියල විග්‍රහ කරගන්න බැරි සිතුවිලි නිසා අපේ ජීවිත හැඩගැහෙන විදිහ, ඒ නිසා නැවත ඇතිවෙන සහ අපිව සදාකාලිකව රිද්දන සිතුවිලි ගැන අපුරුවට ලියවිලා තියෙනවා. මම මැරුණු දවසක අම්ම තාත්ත ඇරුනම කවුරු මම වෙනුවෙන් අඬයි ද කියලත් මට හිතුනා මේක කියවද්දි...එක අතකට තහනම් උනත් ප්‍රේමය සත්‍ය නම් මැරුණු දවසක අඬන්නවත් කෙනෙක් ඉතුරු වේවි...
    බ්ලොග් කලාවේ දිග ගමනකට සුබපැතුම් මගෙනුත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නෙතුපුල්. බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. හරියට ම මට ඕක ලියද්දි හිතුන වගේමයි. හැමදාම වගේම මගේ සිතුවිලි අසම්මතයි, කවුරු කොහොම කෙලෙස කිව්වත්.මම සතුටු වෙනවා මගේ අදහස් වලින් ඔබගේ සිත වල්මත් නොවී, මගේ සිතුවිලි වල නිවැරදි අරුත තේරුම් ගැනීම ගැන. අයෙකුගේ සිතුවිලි දහරා ගැනීමේ හොඳ "ඉවක්" ඔබට තියෙනවා. එය මට සැමදා ලැබේ යැයි මම අවංකව බලාපොරොත්තු වෙනවා. ඔබ සැමදාම මට ධෛර්යයක්, එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත්....

      Delete
  7. තිත්ත ඇත්ත මේක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩක් දෙනා මේ ගැන කථා කරන්න කැමති නැහැ. හීන ලෝක වල ජීවත් වුනත් සත්‍යය කටුකයි හැමදාමත්.

      Delete
  8. දවයි ම ගත.. සදුන් දර සෑයෙහි..
    නිවයි ම සිත.. දුටු දහමින් ලොවෙහි..
    සරයි ම සිත.. ලබනට බැඳුම ගතෙහි..
    පතයි මසිත..වෙලෙනට ඇයගෙ කුසෙහි..

    සදාතනික සත්‍යය.

    ReplyDelete
    Replies
    1. ඔවු.. අපි හැමදාම එක දෙයක් හරිනකොට තව දෙයක් අල්ලා ගන්නවා.

      Delete
  9. හොඳ නිර්මාණයක්.. යථාර්තය මේක තමයි..
    ජයවේවා...!!

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍