Monday, December 12, 2022

යශෝධරා වත - විමුක්තිකාමී ප්‍රේම කතාව

මේක ගීත විචාරයක් නෙවෙයි.සනත් නන්දසිරි මහත්මයාගේ යශෝධරාවත සමන් ලෙනින් මහත්මය ලස්සනට කියනවා ඇහුනාම මට මෙහෙම හිතෙනවා.!

අප අහල තියෙනවා ලස්සන ප්‍රේම වෘතාන්ත. රෝමියෝ ජුලියට්, මුම්ටාස් සාජහාන්, ක්ලියෝපැට්‍රා මාක් ඇන්තනි, දස්කොන් ප්‍රෙමිලා.. ඔය ලැයිස්තුව ලියාගෙන යන්න පුළුවන් වෙයි පොතක් පිරෙන්න. හැම රටකම සාහිත්‍යයේ සියුම් තැන් ඔය පෙම් පුරාවත් ස්පර්ශ කරනවා. 

තව ටිකක් හිතුවොත් ඔය කතා හැම එකේ ම මොකක් හරි අමුතු "වෙනස්" රසයක් තියෙනවා. ඒ රසය මිනිස්සුන් ව අන්ද මන්ද කරපු හින්ද මිනිස්සුන්ට දැනෙනවා. ඒක දස්කොන් ගේ අසම්මතය වෙන්න පුළුවන්. මාක් ඇන්ටනි ගේ දැඩි කලකිරීම හින්ද ඇති උන ඛේදාන්තය වෙන්න පුළුවන්. රෝමියෝ ගේ "පැටලවීම" වෙන්න පුළුවන්. හැබැයි ඒ එක අවසානයක් වත් සුබදායක අවසානයන් වෙන්නේ නැහැ.

ඒත් මම දකින ලස්සන ම ප්‍රේම කතාව තියෙන්නේ බෞධ සාහිත්‍යයේ. විශේෂත්වය එය එක කතාවක් නොවී කතාවන් සිය ගානක් වීම. අනෙක් විශේෂත්වය, යමකු ඒ කතාවේ අවසානයක් දකිනවා නම් එය අවසානයක් නොවන අවසානයක් ම වීම. ඒ කතාව ඒ කතාවේ ම පැවැත්ම "නැති" කරනවා. අපගේ ප්‍රේමවන්තයා හා ප්‍රේමවන්තිය මරණය දුක නැතුව විමුක්තිය අවසානයේ උරුම කර ගන්නවා  

ඔය බෞධ සාහිත්‍ය කතා ඇත්ත ද නැද්ද කියල තර්ක කිරීම මගේ අරමුණ නෙවෙයි. හැබැයි යශෝධරා සිදුහත් චරිත වල ගොඩ නගනවා ගුණයන් හතරක් සම සීල, සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා කියල. සමාන ශීලයකින්, සමාන ශ්‍රද්ධාවකින්, සමාන ත්‍යාගි සිතකින් හා සමාන ප්‍රඥයාවකින් යුතු පුද්ගලයන් දෙදෙනෙකුගේ බැදීම ඇත්තට ම ඉතාමත් ශක්තිවන්තයි. විවාදයක් පවතින්න බැහැ . එක් අයකු අනෙකාව තේරුම් අරන් සිටිනා තාක් කල් ඒ බැදීම කඩන්න කිසිවකුට හැකියාවක් නැහැ.

එහෙම අය දුරින් හිටියත්, කතා බහ නැතුවත් එකිනෙකාව තේරුම් ගන්නවා. හේතුව ඒ අයගේ අවසන් අරමුණ පැවසුවත් නැතත් එකම දෙයක් ("විමුක්තිය") හින්ද වෙන්න ඇති. 

එවැනි බැදීම් මරණින් මතුව පවතිනවා. එහෙම අය සසර ගමනේ දී ඔබට මට හමු වෙලත් ඇති. ඉස්සරහට හමු වේවි. 

මට දැනෙන හැටියට ඒ ප්‍රේමය සාම්ප්‍රදායික විවාහයක් විය යුතුම නැහැ. යම් දෙදෙනකු ඒ සිව් ගුණයන් ගෙන් යුතුව එක ගමනක් යනවා නම්, "මට සාපේක්ෂව" ඒකත් "ප්‍රේමයක්". එතන අයිති කර ගැනීමට වඩා එක්ව ගමනක් යාම ප්‍රමුඛ වෙන්න ඕන. එහෙත් එහෙම සබදතා අප වෙසෙන සමාජයෙන් සැගවිය යුතු වන බරක් නොවිය යුතුයි. යමකු රහසක් නොවන යහපත් ප්‍රාර්ථනා පැහැදිලි සිතින් කරනවා නම් ඒවා ඉටු වන එක විශ්වයේ ස්වභාවයක් වගේම මා වෙනත් ක්ෂේත්‍රයක කල පරීක්ෂණයකදී පුද්ගලිකව අත්දුටු දෙයක්. 

ඔබ විමුක්තිය සොයන්නකු නම් ඔබ අර ගුණ ධර්ම හතර වර්ධනය කර ගැනීමට පුළුවන් "පෙම්වන්තියක  වන්තයකු" සොයා ගන්න. ඒ ප්‍රාර්ථනාව කරන්න. අනාගත සිදුහත් යශෝධරා ප්‍රේම වෘතාන්තය ඔබට නැවත ලියන්න හැකි වේවි දවසක. 


යශෝධරා!

සිතේ නැගුනු කලකිරීම, කුමරිය

ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

සිතේ නැගුනු කලකිරීම, කුමරිය

ඔබ පමණයි දැන සිටියේ පෙර සිට


යශෝධරා!

එයින් මිදෙන මං පෙත සොයනා සඳ

ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර

සමාධියෙන් සිත ඈත දිවෙන විට

පමා නොවී යලි ඇවිදින් මේ දෙස


යශෝධරා!

එයින් මිදෙන මං පෙත සොයනා සඳ

ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර

දයා සිතින් එක බැල්මක් දී නෙත 

කෙමෙන් මැකී යයි යශෝධරාවත 




Thursday, December 8, 2022


දසිස් දිනා රුපු රජුන් නසා

ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා

එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා..

සුනිල් එදිරිසිංහ යන්ගේ ඒ මිහිරි කටහඩ සමග ගැඹුරු අර්ථය දැනෙනකොට මට මතක් උනා simon sinek කියපු කතාවක්.

මේ ලෝකයේ සමහර දේ තියනවා අවසන් නොවන. අන්තයක් නැති. මිනිස්සු අන්තයක් ඇති අරමුණු අන්තයක් නැති දේ වලට යෙදෙව්වාම වෙන්නේ ඔය දේ ම තමයි. හැම රටම ග්‍රහණය කරලා කරන ජයග්‍රහණය යුද්ධයේ අවසානය කියල හිතාගෙන ලෝකේ අල්ලන්න යුද්ධ කරාම ඒ ලෝකය ඇල්ලුවම තේරෙනවා දිනපු දෙයක් නැහැ කියල. ඉතුරු වෙන්නේ කරකිරුනු රජෙක්, මහන්සි වුනු ආබාධිත වුනු හේවායෝ හා රජුට වෛර කරන යටත් වැසියන්.

සාර්ථක ව්‍යාපාරයකට අන්තයක් නැහැ. එතන තියෙන්න ඕන දැක්මක් විතරයි. ඒ දැක්මට වැඩ කරන හැම දෙනාම හදවතට එකග ව අනුගත වෙන්න ඕන. එතැනදී සමාජයට වන වැඩදායි වෙනස ගැන ඒ වෙනස කරන ව්‍යාපාරයේ සේවය කරන මිනිස්සු දැනුවත් වෙන්න ඕන. ඒ දේ තමන්ගේ හදවතින් කරන දාට ඒ කරන දෙය / රැකියාව ගැන ආදරයක්, ගෞරවයක් වගේම අභිමානයකුත් ඇති වෙනවා. එවන් දැක්මක් මිනිසුන් වල්මත් කරන්නේ නැහැ. ඇපල් සමාගම හැදුවේ මුල් කාලේ MP3 player එකක්. ඒ කාලේ ඕව තිබුන. හැබැයි පොඩි වෙනසක් මෙයාල කරා. මෙයාල පෙන්නුවා ඒකෙන් ජිවිත වෙනස් වෙන හැටි. ඕක අරන් ගීත අහල සැහැල්ලුවෙන් දුවල සෞඛ්ය සම්පන්නව ඉන්න හැටි. ඒක මිනිස්සුන්ගේ ජිවිතේ ම කොටසක් වෙන හැටි. ඕක කෙනෙක් ට හොද ප්‍රවර්ධන උපායක් කියල පෙනුනත් ඇත්තට ම steve jobs ට උවමනා උනා මිනිස්සු ගේ ජිවන මට්ටම ඉහලට ගේන්න . ඒක ඒ ආයතනයේ දැක්ම උනා. දැන් මේ දැක්මේ අන්තයක් නැහැ. ඒක අදටත් එහෙම ම තමයි. මිනිස්සු ඇපල් phone එකක් ගන්නේ තමන් ගේ තත්ත්වය පෙන්නන්න. ඕක චීනයේ හැදුවත් මිනිස්සුන්ගේ ඔලුවට යන්නේ California වල හදපු design එක.

Monday, December 5, 2022

Lady Gaga - ලෝකයේ 7 වෙනි බලවත් ම ගැහැණිය අසරණ වීම

 Lady Gaga යනු ඇමෙරිකාවේ සිටින ඇති ප්‍රසිද්ධ ගායිකාවක්, ගීත රචකාවියක් හා නිලියක්. ඇයගේ ආරම්භය ඉතා කටුක හා දුක්මුසු එකක්. ඒ ඇති වන පීඩනය ම ඇයව ඔය තැනට ගෙනියනවා. forbes සගරාව ට අනුව ඇය ලෝකයේ සත් වෙනි බලවත් කාන්තාව.

මේ මෑත කාලින වීඩියෝ එක මට අහම්බෙන් පෙනුනේ. එතැනදී ඇය ලිංගික අල්ලසක් ඉල්ලීම ඉදිරියේ අසරණ වූ ආකාරය ඉතාමත් කම්පනයකින් විස්තර කරනවා. 

නමුත් එතැනදී ඒ කාන්තාව ඒ මෘගයා ගේ නම හෙළි කරන්නේ නැහැ. ඔය තරම් ලිබරල් මානසිකත්වයක් හා බලයක් හිමි ඇය එසේ නොකරන්නේ ඇයි ද කියන ගැටලුව නිරායාසයෙන් මතු වෙනවා.


එය පුරුෂාධිපත්‍යය ද නැති නම් ඔය ක්ෂේත්‍රයේ තියෙන බලය ද? නැති නම් වෙනත් හේතුවක් ද? 

ඕකට පිළිතුර දන්නේ ඇය ම තමයි. 


එතරම් බලවත් කෙනෙකු ට ඇයගේ දුෂකයා හෙළි කිරීමට ශක්තියක් නැති ලෝකයක, අපේ වගේ දුප්පත් රටක දුප්පත් කෙල්ලක රහසින් දුෂණය කර සුදු රෙදි පොරවා ගත්තු කී දෙනෙකු නම් ඇති ද? 


මිනිස්සු වෙනස් වෙනවා කියල හිතුවා ට අන්තිම අඩියට වැටුණු වෙලාවක උනු සිද්ධි සාම්ප්‍රදායික ව පාපිස්ස ට යට කරන එක කරන එක බහුතරයක් කරන දෙයක්. ඔය පාපිස්ස ගසන්න බැහැ කියන එක ට හොදම උදාහරණයක් Lady Gaga ගේ නියෝජනය.




කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...