Monday, April 13, 2015

පසුතැවීම...

මෙය මා ඇසු දුටු සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දකි. ඔහු මිලියනපතියෙකි..



මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

තුරුණු මදෙන් සිත කැලතුන මොහොතක
පිපුණු මලෙන් රොන් ගිලගත් අඳුරේ
ඔබ සිත හඬනා සුසුමන් දුටු සඳ..

පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

දහස් පියලි අත ගැවසෙන රිසියෙන..
බමණ මතින් හිස පිරිහුණු යුගයේ
තොර කල අන් දිවි දැකුමෙන් වියරුව

පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

සෑම සිරින් පිරිපුන් අද දිනයෙක..
සහස් පියලි අසරණ වූ ඒ මොහොතේ
පිපුණු බිලිඳු මල මිලිනව යනු දැක

පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

Sunday, April 12, 2015

ආගමික සහජීවනය ද? නැතිනම් ආගමික මූලය ද?

මක්කම

  • බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්‍රී පාදය සලකුණු කර ඇත.
  • මුසල්මානුවන් අදහන මෙය නබි තුමන් ගේ උපන් ස්ථානයයි
  • හින්දුන් පවසන්නේ මෙහි "පෙට්ටිය" ඇතුලේ ඇත්තේ ශිව ලිංගයක් බවයි. (ශිව ලිංගය යනු විශ්වයේ ආරම්භයේ නියෝජනයකින් යුත්තකි)

ශ්‍රී පාදය
  • බුදුරදුන් සිරි ලකට වැඩම වූ පසු ශ්‍රී පාදය සලකුණු කර ස්ථානයයි
  • කිතුනුවන් මෙය ආදම් ගේ පාදය ලෙස සලකයි (මෙය විශ්වයේ ඇරඹුම සලකුණු කරන්නකි)
  • හින්දුන් සිරි ලක සුර්ය වන්දනාව කල ප්‍රධානම ස්ථානයයි.. (සුර්යයා හින්දුන්ගේ සර්වාත්මය නියෝජනය කරයි)
කෙටි පොස්ටුවක් වුවත් හිතෙන දේ comment කරන්න

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...