Monday, September 30, 2013

මම දකින නොමියෙන ආදරය

මෙය සාහිත්‍ය රසයෙන් අනුන පෝස්ටයක් හෝ ජීවිතයට යමක් සිතීමට එකතු කරන පෝස්ටයක් ලෙස මම නොදකිමි. මෙය හුදෙක් මගේ ආදරය පිලිබඳ ඇති හැගීම් පමණි.


මම එක්තරා බ්ලොගයක මිය ගිය ආදරයක් පිලිබඳ ලිපියක් දුටිමි. මා අදහන ආදරය නම් හැගීම් වල එකතුවක් පමණෙකි. හැගීම් නොමියෙත්. මා දකින එම හැගීම එක් අයකු පිළිබද අනෙකා ට දැනෙන අතාර්තික, විටෙක එකක ට එකක් නොගැලපෙන, එහෙත් සුන්දර හැගීමකි. එම හැගීම් මිය යාමට පැතීම ද අනුවන කමකි. මන්ද, එවන් හැගීම් ජීවිතය පුරාවට, මා සමග, මගේ යටි සිත සමග ජීවත් වෙයි.

නමුත් විවිධාකාර හේතුන් නිසාවෙන් එම හැගීම් යටපත් කරගැනීමට මම අනවරත උත්සාහයක නිරත වන්නෙමි. එය අසමත් වන මම ඒ සදහා විකල්ප සෙවීමට උත්සුක වෙමි. මම අදහන එක සත්‍යයක් ඇත. එනම් මිනිසුන් තමන් ගේ අනාගතය දෙස බලන්නේ, තමන් ගේ සිත සතුටු වන අයුරින් මිස, සම්පුර්ණ යථාර්තය ලෙස නිරුවත් මනසෙකින් නොවේ. බහුතරය අතරමන් වන්නේ මෙහිදීය. මා ඇයගෙන් බලාපොරොත්තු වූ ඒ හැගීම මගේ ආදේශකයෙන්(විකල්පයෙන්) බලාපොරොත්තු වන්නේ මා තුටු වනයුරිනි. නමුත් එහිදී ඉස්මතු වන හැගීම අතීතයේ මට දැනුන හැගීමට, මා හඹා ගිය හැගුමට සම නොවෙයි.

මම පළමුවෙන් මා දේදුන්නක් දුටු දින සිහියට නගා ගනිමි. දේදුන්නක් ගැන අසාවත් නැති මා, එය දුටු විට කෙතරම් විස්මයට පත් වුනි ද? සතුටු වුනි ද?. එය සියුම් ව නිරික්සීම ට එහි ඇති චමත්කාරය මා නිරායාසයෙන් පොළඹවයි. එම දේදුන්න නොපෙනී යාමේ වියෝව, නැවත එම දේදුන්න දැකීම ට මා හට විධාන කරවයි. වෙනත් දවසක එම දේදුන්න නැවත දුටුව ද එහි ඇති චමත්කාරය මා හට නැවුම් ලෙසින් නොසිතේ. මන්ද මා එය වරෙක අත්විද ඇති බැවිනි. තම දිවියේ මුල් ම අත්දකුමේ ඇති ගුප්ත චමත්කාරය මා හට අනාගතයේ කිසිදු දිනෙක නොදැනේ. නමුත් ම සිත එය නොපිළිගෙන, නැවත නැවතත් දේදුන්න වෙනත් අයුරින් විශ්ලේෂණය කරවයි. අවසන මට ද නොදැනීම, මම විඩාවට හා දුකට පත්වෙමි. එය මගේ පළමු පෙම හා ඉන් ඇතිවන හැගීම නැවත වරක් බලාපොරොත්තු වීම යන්නට හොදින් ගැලපෙයි. 

සොබා දම යනු එයයි. මිනිසුන් නොතිත් ආශාවන් පසුපස ලුහුබදින්නේ, කතරක තනිවුවෙකු, මිරිගුවක් පසුපස යන්නක් මෙනි. මගේ පළමු ආදරයේ චමත්කාර හැගීම් මම සුරැකිව තබා ගනිමි, එම හැගීමට ගරු කරමි.  වියපත් වූ යම් දිනෙක මා ඒ දෙස බලා, වෙනත් ඇසකින් ඒ දෙස බලා සතුටු වනු ඇත.

අපට මේ ලොව සෑම දෙයම නතු කර ගත නොහැකි බව පිළිගත යුතුව ඇත. කෙතරම් තර්ක කල ද මා දකින ආදරයේ අභිමතාර්ථය, අයිති කර ගැනීම මිස අන් කවරක් ද. අයිති කර ගැනුම යනු යම් තාක් දුරට මා පෙර කියූ පරිදි, අපගේ අනාගතයේ අප දකින සිහිනයේ අනෙක් පාර්ශවය කොටස් කරුවකු වීමය.

මා කියා වූ පොතක "සන්තියාගු නම් සරි සරන්නා (පවුලෝ කොය්යෝ)"එඩේර කොලුවා පූජකයකු නොවී එඩෙරකු වීමට හේතුව මා සිත් ඇද ගනී.

මා පූජකයකු වුයේ නම්, සැමදාම දකින එකම අය මා ඇසුරු කරනු ඇත. මම ඔවුන් වෙනුවෙන්, ඔවුන් ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇත. නමුත් ඔවුන් මා සිතන අයුරින් කටයුතු නොකරනු දුටු විට මගේ සිත කලකිරෙයි. එඩේර ජීවිතයේ බැදීම් ඇති නමුත් ඒවා තාවකාලිකය. (උපුටා ගැනීමක් නොවේ , අදහස පමණි )

මම පූජකයකු නොවී එඬේරෙකු වෙමි.

Monday, September 23, 2013

පළමු නිදහස් වෙඩි මුරය (The Honeymoon)

අඩවන් වූ කවුළුව අතරින්එන සිහිල් මුහුදු සුලන් රැල්ල මා ගත කිති කවයි. ඇ දෙස මා නෙත් කොනින් බලමි. මගේ නිරුවත් උර තලය ට ඇ හිස තබා අනන්තය දෙස බලා සිටින්නී මුමුණයි වැකියක් අදරින්.

"අපි අපේම වෙලා.. ජීවිත කාලයක්, ආත්ම ගණනක් පෙරුම් පුරලා අපි අපේම වෙලා...". සිපගති මා ඈ නළලත වෙනදාටත් වැඩි ස්නේහයෙන්, වෙනදාටත් වැඩි නිදහසින්.

"අපි අපේම වෙලා.." මම ද සෙමින් මුමුනමි ඇයට ඇසෙන නොඇසෙන ලෙස හිත හෑල්ලු කරන සිහින් සුසුමක් සමගින්.

ඇගේ සියුමැලි දෑත මගේ නිරුවත් පපු තුර,මල් පෙත්තක් අතගාන්නක් මෙන් ඔබ මොබ සැරි සරයි, ඉතාමත් සෙමින්.

මගේ රළු දෙඅත ඇගේ නිල්වන් කෙස් රොද අතර ගමන් කරවයි නැතිවූ යමක් සොයන්නාක් මෙන්, සෙමින්. ඔරලෝසුවේ බට්ටාගේ පැද්දීම මට දැනේ, වෙනදාටත් වැඩිය මදක් සෙමින්. මදින් මද මම මගේ දෙඅතින් මගේ බැඳුම දැඩි කරමි නොඇගෙන ලෙසට ඇයට.. මදක් වේගවත් වුවක් මෙනි කාලය... ඇගේ මුව කමල, මගේ පපු තුර සිප ගනී, සියුමැලි දෑත මා නිරුවත් උඩු කය මත නැවතී, අල්ලා ගනියි තදින් නැවත නොම හැර යන ලෙස... ඔරලෝසුවේ හඬ නොඇසේ මට...

මද අවුල් වූ කෙස් රොද, අඩවන් වූ නෙතු පිය, පවසයි නිවාලන ලෙස ඒ ගිනිගත් සන්තානය, අයදියි අසරණ, විපිලිසර ලෙස. ලිහී ගිය ඇගේ නා දළු වන තොල් පෙති, මදක් තෙත් වූ, රත් වූ ඒ තොල් පෙති සැරහෙයි පිලිගනුමට මා නොඉවසිල්ලෙන්. පිළිගමි, මා මුවින් මදක් විවර වූ ඈ මුව, තබමින් පළමු වෙඩි මුරය බිද දැමීමට ඒ යදම්. සලිත වූ අප දෙ ගත කියා පාමින් ඇය පිළිගත් බව මගේ ඇරයුම, ගරු කල බව එම වෙඩි මුරයට...

ඇද දමමි මම ඒ දුහුල් සළුව මද වියරු වුවෙකු ලෙස.. මගේ නැග එන හද ගැස්ම, ඇගේ වේගවත් හද ගැස්මේ හඬ පර යා ද? මගේ යටිකය වැසුණු රෙදි කඩ සැගව ගොස් ඇත සයනය මත... දකිමි මම ඇය වෙනදා නොදුටු මසැසින්, වෙනදා නොදුටු මනැසින්.. මද උමතුවෙන් මෙන් ඇය වෙලෙයි ම ගත, ගිනි නිවීමට පැන් පොදක් අයදින අසරනියක මෙන්...

නැවුම් වා රොදකින් ලය පුරවා ගත් මා, ගමන් කරවමි මගේ වත, ගමන් කරවමි මගේ මුව යමක් දැකුමට, යමක් සෙවුමට ඉවෙන් මෙන්.. නිදි ගැට කැඩූ හස යුවල බලා සිටි, මුවට මුව තබා නිවා ලන්නට පිපාසය. තෙත් කරමි මම ඒ හස යුවල, සන් කරවයි ඈ හස යුවල සැනසෙනයුරු, සිහින් සරයෙන්.

පුබුදුවමි මා ඇ සියොළඟ, නතු කරමින් මා ග්‍රහණයට.. ඈ ගත පිපුන හී ගඩු, ඇත්දළ සම විනිවිදුනු රත් පැහැ කැළැල්, මා ගත නැගුනු හී ගඩු කරවයි ම සිත වල්මත්, කරවයි ඈ මන්මත්. ඇරයුම ඇගෙනි පිදුමට ලෝකාස්වාදය, මදක් වියවුල් වූ මනැසින්, නොසැගවූ හැගුමින්.

බලා හිදී නොඉවසිල්ලෙන්, මගේ යවට වන් අවයව, ඇගේ ඉහිල් වූ තෙත් වූ අවයවයන් දෙස. කළඹමි මම ඒ රසෝඝය, සුරයන් කිරි මුහුද කැළඹු අයුරින් සෙවීමට අමුර්තය. පානය කරමි අමුර්තය ඇගේ මුවින් ගිලිහෙන, කළඹන විට රසෝඝය. රැලි නගන මුහුදු හඬ ඇසෙයි පසුබිමින් යන්තමින්, එක්වෙමි රැලි රිද්මය හා සමග, ඝෝෂාවක් නොවෙයි මට එය. රැලි හඬ පරයමින්, නැගෙන ඇගේ එම සිහින් ස්වරය, නැගෙන ඇගේ එම සුසුම් හඬ එක්වෙයි එම රැලි නගන රිද්මය අනුව. දිවියේ ඇති සොඳුරු බව විදිමි මා ද ඇය ද එකවර. එක්වී ඇත අප සිත හා ගත, හඳුනයි ලොවෙහි රිද්මය,හඳුනයි අපගේ රිද්මය .

තුටු වෙමි දිවියේ පළමු වරට දැකුමෙන් හෙලූ එ රුහිරු... මගේ සනුහරය වෙනුවෙන්. ඇගේ ආත්මය වෙනුවෙන්.

"සුදු.........."

"හ්ම්ම්..........."

"රිදුන ද පැටියෝ ....................."

"නැහැ, හරිම අමුතු අත්දැකීමක්, ජීවිතයේ පළමු වතාවට ......"

"මටත්, ජීවිතයේ මුල්ම වතාවට මේ වගේ හිතුනේ, පා වෙනවා වගේ..........."

මා කිවේ ද සත්‍යයි, පෙර මිලදී ගත් අගනන් සමග මෙවන් මානසික සතුටක් ලබා නැත මා කෙදිනක වත්.

ඈ කිවේ ද සත්‍යයි, ඇය වරක් පිදු පතිවත, ඒ පිදූ සිරුරින් කඩවසම් ඔහු, සිරුරින් නොව සිතින් කඩවසම් මා හා සමග සසඳුමේ දී ඇය මෙවන් මානසික සතුටක් ලබා නැත කෙදිනක වත්.


Men do not leave traces. At the same time virginity can be repaired.





Friday, September 20, 2013

ඇය ඔහු හා මම - අසම්මත ප්‍රේමය?

සහසක් බුදුන් බුදුවන හිම්දිරි උදය..
පුබුදුවයි ම ගත සියුම් සතුටින්..
කිතිකවයි ම ගත ඇගේ සිහිලැල් මුවින්..
තුටු කරයි ම සිත එ තෙත් බවෙන්.. එ සිහිලසින්..
අත යොමයි ම ඈ හිස පිරිමදිමින්


තරු කැට වන් දෙඇස දක්වා..
සිනා සුනි ඈ එ හුරු අයුරින්..
කතා කල ඈ ඒ හුරු බසින්..
දක්වනට මෙන් එ කලෙහි ගුණ..


දැවටෙමින් ම ගත.. සුරතල් වූ ඇය
බලා සිටී නිසොල්මන් ව..ම අහර සකසනයුරු..
පුදනෙමි මම ඇයට .. ම අහර කොටසින්..
තුටු වෙමි මම ඇ දෙස බලමින..
තුටු වෙයි ඇය ම දෙස බලමින..


බලා හිදී ඇය ම දෙස..සැරහෙන ම දෙස
කරනට ම ගත සරිය.. කරනට ඇ ගත සරිය..   
දොඩමලු වන්නීය ඈ.. ඈ හුරු ඒ බසින්..


ම දෙපා අත ගත් ඈ..
සමුදෙන්නීය..ඇයට හුරු අයුරින්..
සමු දෙමින් මම ඈ.. මට ම හුරු අයුරින්..
සිහිකරමි එ නිකැළැල්.. සසරගත එ බැදුම


දවස නිම කල මා.. පැමිණි නිවසට..
දකිමි ඈ ම සිප ගත් යුරු.. ඇයට හුරු අයුරින්..
තුටු වෙමි මම ඇ දෙස බලමින..
තුටු වෙයි ඇය ම දෙස බලමින..


දිනෙක සරි නිම වූ මා.. ඇදෙමි හුරු නිවස දෙස..
දකිමි දසුනක් සිත් සසලන..
ඇ සිත් ගත් ඔහු වෙත.. වෙලී ඇත ඈ සෙනෙහින්..
ලොව දහම දුටු මම.. දකිමි මැදහත් සිතකින්..


ඇය ම පිළිගති.. කිසිවක් නොසිදු අයුරින්..
ඔහු මා වෙත පැමිණ.. පෙන්වයි හිතැති දැක්මක්..
පිළිගති ම එ දෙදෙන.. රකිනෙමි ම එ යුවල

....
.............
............
...............
.....................
.......................
..............
..................
............................
..................................
.................................
.............................
..........................
.............................
.......................
............................




ප.ලි: තනිකඩ දිවියක් ගෙවන මා විසින් හදා වඩා ගන්නා ලද සුරතල් බැල්ල, තවත් බල්ලකු සමග පැමිණ ගේ දොරකඩ ට වී සිටියි. මම ඔවුන් දෙදෙන ඇති දැඩි කරමි.

      

Saturday, September 14, 2013

මගේ (අව)මගුල හා ඇය

ගත පිරූ දාහය.. නිවෙයි අසුරු සැනින්.. හිරු දුටු කදෝපැනියෙකු ලෙද..
දුහුළු මලක මෙන් ම සිත.. සරයි ගගනත..
දකිනෙමි ම ගත... බිදී විසිරී අසරණව.. බලනෙම් මම විපිලිසරව.. මගෙම වූ ගත දෙස..

සඳුන් සයනෙක මම.. වැතිරෙමි මගුල් ඇදුමින්..
සැප රියක සැතපී .. සෙමින් යමි ම නිවස දෙස
සැරහූ මග දෙපස.. ගොක් කොළ රටා දුටු වන
නගයි මතකයට මා මංගල දිනය...

ම පිලිගැනුමට ඇය..බලා හිදී ඉදිකඩ..
සත් මාල නොපලදා.. අබරණ ද හැර පියා..
මගුල් ඔසරිය හැර ද...සුදු වතින් සැරහී..

හැඟුම් තොර මිනිසුන්.. වඩා හිදුවයි පෝරුව මත..
ම වට කල දළ දෙක.. නගයි මාගේ ඔද තෙද..
ඇය පෝරුවට නැංවූ.. පියාණන් ඇ අත ගෙන...එබිකම් කරයි ම දෙස..
ජයමගුල් හඬ නොව.. හැඬුම් වැලපුම් නද මැද..
සිහි මදවූ ඇය .. ම හිඳවූ පෝරුව.. පිලිකෙවූ කරන යුරු.. දකිමි ගගනත හිඳ..

ඇ සිත කියවමි මම ... 
දැඩි සොවද විරහවද..පරයා නැගී සිටගත්..
තම අනගත දැකුම..තම අනගත රැකුම..
කරවයි ම සිත කම්පිත..වඩවයි ම සිත දොම්නස..
අත් හරිමි මම ඇය.. මා දෙවැනි කොට සැලකු.. 

ම මිතුරු සැම දෙන.. වට කොට ගත් ම ගත..
සොව බර දෙනයනින්.. බලා හිදී නිසලව

තුරල් වූ සෝ නද...යොමයි දෙසවන වෙනතක
වීදුරු ගැටෙන හඬ...මවයි උත්සව සිරිය..
පැණි බීම සහ කෝපි.. පිදෙයි ආ උන් වෙත..

නිසා යම එලබී...ම මිතුරන් ගොනු වී...
විදියි දිවියේ සොම්නස ..
දුමින් පිරි ල මඩලින්...සිනහ පිරු එ වතින්

වියපත් මිත්තනිය.. රකියි මා තනි නොතනිය..
හැර දැමු ම දිවිය.. රැකුමට යමක් පෙනිණි ද..

ගගනත සරණ මම..නවතිමි දුටු එ දසුනින්
රහසිගත මා පෙම..
පැමිණ ඇත මා දැකුමට..
සිය පති ද පුතනුවද..
කැටුව ඇත මා දැකුමට..

අසම්මත ම පෙම..
සිය සොව පිට උනට..
පෙන්වා යන්තමින්..
සිර කර ගති එ හැගුම...
ලොවට සැඟවූ එ හැඟුම..

සිය පති ය මග හැර..පැමිණි ඈ මා ගත වෙත..
සිපගති ම නළලත.. ලොව දැකුමෙන් සැඟව..
රූරා වැටුණු එ කදුල..
සිපගති ම නළලත.. ලොව දකිනට හැකිව..

ඇ සිත කියවමි මම ...
දකිමි තෙරපන එ විරහව.. දකිමි නිරතුරු පෙලන ඒ සොව..
අන් අරමුණින් තොර වූ.. මවුවත් ගුණය සැගවූ..

රොක් වී සනුහරය..
ගයති මා සතු ඒ ගුණ..
නගයි මතකට මංගල සබහව..
මම නොදත් ඒ ගුණ..
සිනහ නංවයි ම සිත...

සඳුන් දර සෑයෙක.. මහල් සතෙකින් පායෙක..
ඇතුළු කල මා දෙන..මවයි සුවිසල් දසුනක්..
දහසින් බැදී පියෙලි.. දිය කල හැරිය එ සොහොන..
මවයි සුවිසල් දසුනක්.. මිලෙහි ඔද තෙද මේ යැයි..

දවයි ම ගත.. සදුන් දර සෑයෙහි..
නිවයි ම සිත.. දුටු දහමින් ලොවෙහි..
සරයි ම සිත.. ලබනට බැඳුම ගතෙහි..
පතයි මසිත..වෙලෙනට ඇයගෙ කුසෙහි..

Monday, September 9, 2013

සංසාරගත බැදීම - ඩෙජා වූ (Deja Vu)



පහන් දොර හිරු සිඹින
විකසිත වු දහස් පෙති මල
නෙලනු රිසියෙන් මම
ඇරයුම් කරනුයෙමි
මදහස ඉතිරු මුවගින්

මටසිලිටු එම වත
කුළුදුලේ දුටු වද
හැගුණි මල පෙර දින
හමුව ඇති බව
නුහුරු හුරු බවෙකින්...
නුහුරු හුරු පෙදෙසක....

මද පවනට හැරුණු
දහස් පෙති මල නෙත්කළු
මදහසින් දෙයි පිළිතුරු
නුහුරු හුරු බවෙකින්...

කටොර බිම සන්තක
පර සතු පිපුණු කුසුමෙක...
පහස ලබනට මම
පිරූ පිරුමන් මද විද..
මබිම පිපෙනට ඇය
පිරූ පිරුමන් මද විද..

නුහුරු හුරු බව අද
පෙළයි මසිත කුරිරුව
වඩයි සරතස ම ගත
සොයා ගති මා පිළිතුර

නුහුරු හුරු බව අද
රළු විදු ඇසින් දුටු මම
අරුමයක් නොව එය
ඩෙජා වූ ලෙස සොයා ගති මම