Wednesday, September 4, 2013

wife ගෙදර නැහැ - 01

ම ප්‍රිය බිරිය මා සමග හිත නොහොදින් සිය මවු තුමිය සොයා ගොස් ඇත. කෙතරම් සිත දැඩි කොට ගත්ත ද ඇය නොමැති සොව නින්ද ම කෙරෙන් පලා යාමට සමත් කරවයි. මම ඇදෙහි ඒ අත පෙරළෙමි. මේ අත පෙරළෙමි. ඇදෙහි අද ඇති හිස් බව මගේ සිතෙහි ඇති සාන්කාවට සම වේ යැයි මට සිතේ. හිස් වූ සිත පිරවීමට අතීත මතකයන් දිව එන්නේ නිරායාසයෙනි. එය රික්තයක් පිරවීමට සුළගකට ඇරයුම් කිරීමක් වැනිය. භෞතික ව නොපෙනුන ද එය සිදු වේ. මෙය ද තවත් එක අතීත මතකයකි.

දිනය : මෙයට වසර දෙක කට පමණ පෙර. විවාහයෙන් වසරකි.

පඩි පත අතට ගත් ම හට වෙනදා නැති අමුතු සතුටකින් ඒ දෙස බලමි. විවාහයෙන් පසු "තනි කඩ ව" ගෙවෙන පළමු දවස අද ය. එය වැටුප් දිනයක් ද වුයේ අහම්බකිනි. උරුවමකින් මිහිරි ගීයක් අනුගමනය කරන මගේ වෙනස ප්‍රාණ සම මිතුරන්ගෙන් වසන් කිරීමට නොහැකිය. එකට ජීවත් වෙන මිතුරන්, ඔවුනොවුන් ගේ හැගුම් ඉවෙන් මෙන් දන ගනිති.

"මොකද නිමල් අයිය අද නිකම් අමුතු ආතල් එකක. පඩි හින්ද ම වෙන්න බෑ..." ඒ සුදේශ් ය.

"අප්පට සිරි, ඔවු නේන්නම්.. මු කවදාවත් නැතුව විසිල් එකකුත් කටේ. මොකද මල්ලි අතේ සල්ලි වලින් කොටුවක් වත් පනින්න ද ?" ලක්මාල් මට වඩා බාල වුවද, ඔහු ප්‍රගුණ කල දෙයක් අප සමග පැවසීමේ දී මල්ලි යැයි අමතයි.

"නෑ මේ නිකන් ..."

දැන් දැන් පිරිසගේ ඉවසීමේ සීමාව පැන ගොස් ඇති සෙයකි. එවිට ඔවුන්, ශුද්ධ සිංහල හෝඩියේ මුලික වරනැගීම් කිහිපයක් සිය දෙබස් වලට එකතු කරනුයේ අසන්නා ට වැඩියෙන් දැන්වීමට ය.

"අනේ පල හු*$ යන්න. කියහන් මොකක් ද scene එක." ඒ අපගේ ස කන් මන්ත්‍රණය ට එක් වූ දිලන්ත ගේ ප්‍රතිචාරයයි.

"අද වයිෆ් ගෙදර නැහැ බන්. බැන්දට පස්සේ ඔය මන් නැතිව ඉන්නවා ම තමයි"

"හි හි... අඩේ එල නේ. කොහොමත් උබට අද රෑට නින්ද යන්නෙත් නැති එකේ. වැඩි වෙන සෙම බහින්නත් එක්ක set වෙමු." ලක්මාල් සිය අදහස ඉදිරිපත් කරන්නේ, මම සැම දා 'සෙම පිට කරන්නෙකු' බව දැන ගෙන ද? කසාද බැන්ද අලුත කවුරුත් එසේ ය.

 යෝජනා ව ඒක චන්දයෙන් සම්මත වූ සෙයකි. ඊ ලග මොහොතේ..

"කෝ යකෝ දිලන්ත..."

දිලන්ත අප සිතුමට ත් කලින් wine stores එකේ දිගු පෝලිමට එක් වී අපට අත වනයි. පඩි දවසට එහි පෝලිම, පෝයට පෙර දිනට ඇති පෝලිමට වැඩිය මදක් වැඩිය. මිනිසුන් සතුට ට මධු විතෙන් සැනසීමට අමතරව විවේක පෝ දින ද ඒ සදහා වෙන් කරයි. ඒ බෞද්ධ රටෙහි හැටි ය.

 byte හා shandy වලින් සන්නද්ධව අතෙහි ඇති බෝතල් දෙක පෙරටු කර ගෙන අප සිවු දෙන නිවසට පයින්
ඇදෙනුයේ, මගේ වගකීම් විරහිත තනිකඩ දිවිය යලි මතකය ට නගමිනි.

ස්ථානය : මගේ නිවස වෙලාව රාත්‍රී 7.00

මධු බදුන් එකින් එක හිස් වෙයි. ආ ගිය තොරතුරු නිමක් නැත. දෙක වදින කොට මිනිසුන් 'අව්‍යාජ' වේ. සමාජය ගැන නොතකයි. කථන රටාව වෙනස් වේ. ග්‍රාම්‍ය වෙයි. සිතන රටාව ද මදක අවුල් සහගත වුව ද සිතෙන සැම දේම මුවින් පිට වේ.

"යකෝ ... අපි අද maxa fun එකක් ගමු නේද නිමල් අයිය, දුක ට පුන් ගහල දුක නැති වෙන්නත් එක්ක..." ඒ දිලන්ත ය.

"මේ... මරු  idea එකක් ආව. අපි package එකක් order කරමු" ලක්මාල් ගේ එම අන්ඩර දෙමළය මට මුලදී නොවැටහුණ ද , කතාව දිග්ගස්වෙන විට මොනවට පැහැදිලි වේ. ලක්මාල් එම කර්තව්‍යය පිළිබද බොහෝ ඇසු පිරූ තැන ඇත්තෙකි.

"කමල අක්ක ගාව ඉන්නවා මචන්ලා මාර කෑල්ලක් ...බටර් වගේ මාර experienced ... එක දවසක් හිටියොත් හැමදා ම ඉන්න හිතෙනවා.. අම්මෝ එහෙම සැපක් ගාණත් අවුලක් නැහැ. " ලක්මාල් ඔහු දන්නා භාෂාවෙන් ගණිකාව වනයි. දිලන්තයාන් සුදෙශුත් අතට ගත්ත ෂොට් එක කටේ හලා ගැනීමට අමතක් වී මුව අයා කමල් ගේ වර්ණනාව රස විදිති.

මට කෙතරම් 'වැදුන ද' පස්වෙනි සිල්පදය ට අමතරව තුන් වෙනි සිල්පදය කැඩීමට සිත් නොදේ. ඒ මම කසාද බැදපු අලුත නිසා විය හැක. නැතිනම් මෙය මට ආගන්තුක දෙයක් නොවේ. මම මාගේ නිශේධ බලය යෙදීමට උත්සාහ දරමි.

"යකෝ, එක නම් කරන්න බැහැ මේ වහල යට, උඹල මෙතනට ඕව උස්සන් ඇවිල්ල, වට පිට ට මාට්ටු වුනොත් මම ඉඳල ඉවරයි"

"අඩෝ, මොකක් ද බන්, මේ ගෙදරට මීට කලින් ඕකුන් ඇවිල්ල නැද්ද. අපි charter වෙන්නේ නැතුව වැඩේ කරන්නම්" ලක්මාල් බැගෑපත් වෙයි. දිලන්තත් සුදෙශුත් මට ඇවිටිලි කරයි.

බමන මතින් යුතු මගේ සිත මිතුරන් ගේ හොද, ඔවුන් කල උදව් පාලනයකින් තොරව මට මතකයට නැංවීම මගේ සිත උණු කරවීමට සමති.

"අඩේ, උඹ නම් දෙය්යෙක් බන්.. උම්මා උම්මා ... " දිලන්තය මා ඉඹගෙන ඉඹගෙන යයි.

"යකෝ package එකට කරන්න ඕන ඒවා මට කරලා හරි යනවාද ?" මම අසමි. මුන් තුන් දෙනා දැන් මම කෙලින් සිටගත වත් නොහැකි කොට අනෙක් අවයවයන් කෙසේ කෙලින් කර ගනී දැයි යන විකාර රූපී අදහස මා තනිවම සිනහ ගස්වයි.

"අඩෝ, මූ මල් ගෙනාවෙත් නැහැ. අන්න නිමලය තනියෙන් හිනා වෙවී ආතල් ගන්නවා. වැඩේ කරන හැටි මතක් වෙලා ද දන්නේ නැහැ .." ඒ සුදේශ් ය.

"මචන් ලා ගාන 6000/= යි. ඔන්න නිමලය අපි උඹට සලකනවා , උඹේ තෝන් ගාස්තුව මම මේක ට balance කරනවා. උඹට ෆ්‍රී හිට් එකක්. කට්ටිය ok නේද!!" අන් අයගේ අනුමැතිය ද ලැබේ. තිදෙනා 2000 බැගින් සම්මාදන් කරති.

"මොන හු**** ද, උඹල ඕන එකක් ගහ ගනින්, මම ඕව ට නැහැ" මම පිළිතුරු දෙමි.

"අඩේ මෙන්න මූ බැන්දට පස්සේ කෙලින් වෙන්නේ එකකට විතරයි ලු, ගෑනි program කරලා ගිහිල්ල තියෙන්නේ. එකයි scene එක මූ වැඩේට bucket එක අදින්නේ හැදුවේ" දිලන්තගේ සාම්ප්‍රදායික විහිලුව මා සිනහ මුසුව ඉවසමි.

 කමල් ජංගමය ගෙන ඇමතුමක් ගෙන මිනිත්තු 15ක් යන්නත් කලින් ත්‍ර වීලරය ගෙදර ඉදිරිපිට නවත්වන හඬ ඇසෙයි. package එක නිවසට වැඩමවීම කරවන්නේ හොඳ ම ගනුදෙනු කරු වන ඔවුනට විශ්වාසී කමල් විසිනි.

ඉතා කෙටි සයකින් හා බ්ලොව්සයකින් සැරසී ගත් ඈ සත්‍ය වශයෙන් ම ඇත් දල (බටර්) පැහැය ය. මදක් වැඩිපුර තැවරු තොල් අලෙපනයෙන් ඇය තුල සරාගී පෙනුමක් දිස්වේ. නමුත් දෑස තුල ඇති නිදි බර ස්වභාවය මත් වුවෙකු ගේ හෝ වෙහෙසකර ලෙස නිදි වර්ජිත වුවෙකු ගේ දෑස සිහියට නංවයි. ස්ත්‍රී ලාලිත්‍යය මේ යැයි උදාහරණ ලෙස දැක්විය හැකි අග පසග මා බිරිද හා සැසදීමට මම බිය වෙමි. කෙසේ හෝ මා තුන්වෙනි සිල්පදය රැකිය යුතුය. විශ්වාසවන්ත සැමියෙකු ගේ වගකීම එය ම වෙයි.

ඇය ට සයනය පෙන් වූ කමල්, neat පිට ෂොට් එකක් දමා ගෙන කාමරයට රිංගයි. අනෙක් අය සුභ පතති. කමල් මේ මොහොතේ කටේ හලා ගත්තේ, අවසාන මොහොතේ ඇති වන පීඩනය අඩු කර ගැනීම ට විය හැක. නොදත් ගණිකාවක් හා සමග පළමු වර වැතිරෙන විට පවා සමහරුන් ගේ සිත චංචල වේ. ගැහැණිය ඉදිරියේ පුරුෂාධිපත්‍යය හෑල්ලුවට ලක්වීම පිරිමියා කිසි සෙත් නොඉවසීම එයට හේතුවයි.

කාලය සෙමින් ගෙවී යයි. අනෙක් දෙදෙනා කාලය මනිමින් සිටියි. කාමරයෙන් ඇසෙන සිහින් හා වේගවත් කෙදිරිලි හඩවල් කර්තව්‍යයේ ප්‍රගතිය විදහා දක්වන burn down chart එකක් සිහියට නංවයි. කාන්තාව ගේ (ව්‍යාජ වුවද) එම කෙඳිරිලි හඬ මගේ සිත නමැති බිත්තරය බිද දැමිය හැකි මොනරකු ගේ කෑ ගැසීමක් වැනිය. චංචල වූ මම neat පිටම ෂොට් එකක් කට ට හලා ගනිමි.

පැය භාගයක අවෑමෙන්, කමල් කාමරයෙන් එලියට එන්නේ යුධ විරුවෙකු මෙනි. සිරුර පුරා සීරීම් ලකුණු ය, දහදියෙන් නැහැ වී ඇත. අවංක සත්‍යය වනුයේ, යමෙකු යමක් එක දිගටම කරන විට ඔහු/ඇය ඒ පිලිබඳ මනා පරිචයක් ලබයි. කරන්නා වූ කාර්යයේ ඇති කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කර ගැනීමට උපායන් යොදයි. ගනුදෙනු කරුවෙකු හා ගැටෙන්නේ නම් ඔවුන් ගේ උවමනා එපා කම් ඉවෙන් මෙන් උගනියි. ගණිකා වෘත්තීය වුව ද මෙම මුලධර්ම වලට පටහැනි නොවේ.

"අම්මෝ මචන් එකී නම් machine එකක්. කොච්චර පාරක් ඇන්නත් , කිසිම ගානක් නැහැ. මාර practice එකක් එක.. බලහන් මගේ මුළු ඇගේම දත් පාරවල්" කමල් ගේ machine උදාහරණය ම සිත් ගනී. කෙතරම් වාර ගණනක් ඉතා වේගයෙන් ඉඳි කටුව රෙද්දට ඇන්නද රෙද්ද හිරනොවී ගමන්කරයි.එහෙත් ඔහු ඇන්න වාර ගණන දන්නේ ඔහු හා ගණිකාව පමණි. පිරිමින් අන් පිරිමින් ඉදිරියේ පුරුෂ ශක්තිය වැඩි පුර පෙන්වීම පරිනාමයේ සිට පැවතෙන ප්‍රථමික ලක්ෂණයකි.

මත්වූ මගේ දෑස පියවෙයි.

ඉන්පසු වූ අකරතැබ්බ හා සිද්ධීන් මගේ දෑස හැරි කල දැක ගත හැකිය. දැන් සත්‍ය වශයෙන් ම මට ද නිදි මත දැනේ.

ඉතිරිය කියවන්න click කරන්න.........

11 comments:

  1. සේස්ස නැතිම මේ කැස්සෙන් වැඩක් නෑ බොල. ඉක්මනට දාපිය හු##. හැක්

    සැන්ඩි බයිටා කියල බල්ලෙක්ට ලස්සන නමක් දාමු

    ReplyDelete
    Replies
    1. ඔන්න සෙස්ස දැම්මා.. අපේ ගෙදර බල්ලාගේ නම නම් ටොමියා

      Delete
  2. අකුරු ලොකු කරන්න කියලා උඹට හැම පොස්ට් එකකටම මතක් කරන්න ඕනෙද?, අකුරු පොඩි වැඩි උනාම කියවන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හික්, සොරි මචන් නිදි මතේ මතක් උනේ නෑ

      Delete
  3. අටමට දුන්නනම් මැෂිම හොඳට සර්විස් කරලා හදලා දෙයි...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔවු නේන්නම්!

      Delete
  4. නිදා ගත්තම අරුන් ඩෝප් පිට උඹලට ^%$%$# යාවිද දන්නෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. හික් ඉතුරු කෑල්ලේ උත්තරය තියෙනෝ

      Delete
  5. මං දාප් නමෙන්ට් එක උඹ කෑවද

    ReplyDelete
    Replies
    1. comment එකක් තිබුනේ නැහැ නේ දාල. part 02 එකේ නම් තිබුන

      Delete
    2. මේකට දාපු එක කොහෙද යකෝ ගියේ

      Delete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...