Monday, September 9, 2013

සංසාරගත බැදීම - ඩෙජා වූ (Deja Vu)



පහන් දොර හිරු සිඹින
විකසිත වු දහස් පෙති මල
නෙලනු රිසියෙන් මම
ඇරයුම් කරනුයෙමි
මදහස ඉතිරු මුවගින්

මටසිලිටු එම වත
කුළුදුලේ දුටු වද
හැගුණි මල පෙර දින
හමුව ඇති බව
නුහුරු හුරු බවෙකින්...
නුහුරු හුරු පෙදෙසක....

මද පවනට හැරුණු
දහස් පෙති මල නෙත්කළු
මදහසින් දෙයි පිළිතුරු
නුහුරු හුරු බවෙකින්...

කටොර බිම සන්තක
පර සතු පිපුණු කුසුමෙක...
පහස ලබනට මම
පිරූ පිරුමන් මද විද..
මබිම පිපෙනට ඇය
පිරූ පිරුමන් මද විද..

නුහුරු හුරු බව අද
පෙළයි මසිත කුරිරුව
වඩයි සරතස ම ගත
සොයා ගති මා පිළිතුර

නුහුරු හුරු බව අද
රළු විදු ඇසින් දුටු මම
අරුමයක් නොව එය
ඩෙජා වූ ලෙස සොයා ගති මම










16 comments:

  1. නුහුරු හුරු.... නියම වර්ඩ් එක ඩෙජාවූ වෙනුවට.

    ReplyDelete
    Replies
    1. ඔව්, එය තමන ට නුහුරු වූ හුරුවක් මිස ප්‍රත්‍යක්ෂ සත්‍යයක් ලෙස සහතික විය නොහැකි, ආගන්තුක එහෙත් සුන්දර හැගීම් මාත්‍රයක්.

      Delete
  2. ඩෙජා වූ "කියන්නේ මොකද්ද?

    අනේ මන්දා හරියට අදහස තේරුන්නෑ මට :(

    ReplyDelete
    Replies
    1. hik.. අර ලින්ක් බලන්න වැඩි විස්තර සදහා..

      කුළුදුලේ දුටු වද
      හැගුණි මල පෙර දින
      හමුව ඇති බව
      නුහුරු හුරු බවෙකින්...
      නුහුරු හුරු පෙදෙසක....

      ඔන්න ඕක තමයි ඉතින්

      Delete
  3. Deja vu : the experience of thinking that a new situation had occurred before

    නුහුරු හුරු බව Deja vu හොඳටම ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් .. ස්තුතියි ඔබගේ අර්ථ නිරූපණය ට.

      Delete
  4. නුහුරු හුරු - වෙයි හරි අපූරු

    ReplyDelete
  5. හුරු නුහුරු නෙමෙයිද?? ඒ කියන්නේ යම් කිසිදෙයක් වෙනව කියල හිතිච්ච දෙයක් ඇත්තටම වෙන එක නේද ඒක...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඩෙජා වූ කියන්නේ යම්කිසි දෙයක් ඇත්තටම වුනහම(වෙනකොට) ඒක ඊට කලිනුත් වෙලා තියෙනවා කියන හැගීම. ඒ කියන්නේ අපට නුහුරු දෙයක් වුනත් හුරුයි වගේ දැනෙන එක.

      Delete
    2. ඔව්..ඒක අත්දැකලාම තියෙන්න ඕනෙත් නැහැ. හැබැයි එහෙම වගේ දැනෙනවා.දැනී දැනී දැනී දැනෙනවා.....

      Delete
  6. එක වචනයක් නිසදැසක් බවට පත්කරපු හැටි හරිම අපුරුයි.
    මේ වගේ අරුත් බර ලිපි වැඩියෙන් ලියවේවි කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නෙතුපුල් ඔබගේ පැතුමට. වචනයක් දෙකක් නිසදැසක් වනවා ඔබ මගෙන් දුටුවා සේම වචන දෙකක්(love you) ජීවිතය වනවා මා දුටුවේ ඔබෙන්(ඔබගේ බ්ලොගයෙන්). සංවේදී නෙතුපුල් ගේ උපුල් වන් නෙතග ට කදුළක් නොඋනන ලිපි වැඩි වැඩියෙන් ලිවීමට හැකිවේවා යැයි පතන මා.. සිතුවිලි දහර.

      Delete
  7. අපි හැමෝටම ගොඩක් වෙලේට deja vu තත්ව ඇතිවෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් සඳු. ඒක අපිට ලස්සනට හිතෙනවා සංසාරගත බැදීමක් වගේ. ඒත් විද්‍යානුකුලව එය මොලයේ ඇති වන වෙනස් කමක් පමණක් බවට නිගමනය කරනවා (මෙහිදී ද තර්ක පවතී). එම පැහැදිලි කිරීම ගැන නොදන්නා අය අදටත් එහි සුන්දරත්වය ඇත විදිනවා මට හිතෙන හැටියට. සමහර දේ තියෙනවා ජීවිතයේ, වැඩි දුර විශ්ලේෂණයන් ගෙන් විරූපී වන

      Delete
  8. ඔය හැඟිම මමත් විඳ තියෙනවා. ඒක කලින් තිබුන බැඳිමකුත් එක්ක ආපු දෙයක්. ලසස්න පද ගැලපීමක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, අපි හැමෝම ජීවිතයේ කෙදනක හෝ ඔය අත්දැකීම ලබල ඇති. ස්තුතියි

      Delete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...