Friday, September 20, 2013

ඇය ඔහු හා මම - අසම්මත ප්‍රේමය?

සහසක් බුදුන් බුදුවන හිම්දිරි උදය..
පුබුදුවයි ම ගත සියුම් සතුටින්..
කිතිකවයි ම ගත ඇගේ සිහිලැල් මුවින්..
තුටු කරයි ම සිත එ තෙත් බවෙන්.. එ සිහිලසින්..
අත යොමයි ම ඈ හිස පිරිමදිමින්


තරු කැට වන් දෙඇස දක්වා..
සිනා සුනි ඈ එ හුරු අයුරින්..
කතා කල ඈ ඒ හුරු බසින්..
දක්වනට මෙන් එ කලෙහි ගුණ..


දැවටෙමින් ම ගත.. සුරතල් වූ ඇය
බලා සිටී නිසොල්මන් ව..ම අහර සකසනයුරු..
පුදනෙමි මම ඇයට .. ම අහර කොටසින්..
තුටු වෙමි මම ඇ දෙස බලමින..
තුටු වෙයි ඇය ම දෙස බලමින..


බලා හිදී ඇය ම දෙස..සැරහෙන ම දෙස
කරනට ම ගත සරිය.. කරනට ඇ ගත සරිය..   
දොඩමලු වන්නීය ඈ.. ඈ හුරු ඒ බසින්..


ම දෙපා අත ගත් ඈ..
සමුදෙන්නීය..ඇයට හුරු අයුරින්..
සමු දෙමින් මම ඈ.. මට ම හුරු අයුරින්..
සිහිකරමි එ නිකැළැල්.. සසරගත එ බැදුම


දවස නිම කල මා.. පැමිණි නිවසට..
දකිමි ඈ ම සිප ගත් යුරු.. ඇයට හුරු අයුරින්..
තුටු වෙමි මම ඇ දෙස බලමින..
තුටු වෙයි ඇය ම දෙස බලමින..


දිනෙක සරි නිම වූ මා.. ඇදෙමි හුරු නිවස දෙස..
දකිමි දසුනක් සිත් සසලන..
ඇ සිත් ගත් ඔහු වෙත.. වෙලී ඇත ඈ සෙනෙහින්..
ලොව දහම දුටු මම.. දකිමි මැදහත් සිතකින්..


ඇය ම පිළිගති.. කිසිවක් නොසිදු අයුරින්..
ඔහු මා වෙත පැමිණ.. පෙන්වයි හිතැති දැක්මක්..
පිළිගති ම එ දෙදෙන.. රකිනෙමි ම එ යුවල

....
.............
............
...............
.....................
.......................
..............
..................
............................
..................................
.................................
.............................
..........................
.............................
.......................
............................




ප.ලි: තනිකඩ දිවියක් ගෙවන මා විසින් හදා වඩා ගන්නා ලද සුරතල් බැල්ල, තවත් බල්ලකු සමග පැමිණ ගේ දොරකඩ ට වී සිටියි. මම ඔවුන් දෙදෙන ඇති දැඩි කරමි.

      

8 comments:

  1. pissu naththam shook.. Is this called dog sex?

    ReplyDelete
  2. අගෙයි පලිය නැත්නං පුතේ මාත් සදා අනාතයි.. මේකේ ඇයි ෆලෝවර් ගැජට් එක නැත්තේ.. ඒක දාහං

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔය තියෙන්නේ ගැජෙට් එක දකුණු පැත්තේ කොනේ. උඹේ කුනුහරුපේ නම් තේරෙන්නේ නැහැ

      Delete
  3. ඇයි සිතුවිලි...පරාජිත මානසිකත්වය උලුප්පනේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. මට හිතෙන හැටියට මෙය පරාජිත සිතුවිල්ලක් ද යන්න තීරණය වන්නේ කියවන පුද්ගලයා බලන කෝණය අනුවයි. යමෙකුට මෙය දැඩි විරහවක් ලෙස දැනුන ද තවෙකුගේ මුවට හසරැල්ලක් මවන සරළ සිදුවීමක් ලෙස පෙනෙන්නට ඇත. එනම් ගෙදර සුරතලයට ඇති කරන බැල්ල තව බල්ලෙකු සමග ගේ දොරකඩ සිටීම මගින් එම පුද්ගලයාගේ සිත එතරම් පරාජිත හැගීමක් ඇති කරවීමට සමත් නොවන්නක් ලෙස පෙනෙන්නට පුළුවන්. මම මෙහිදී තවත් දෙයක් කිව යුතුයි. එනම් යම්කිසි සංවේදී සිදුවීමක් නිර්මාණය කිරීමේදී සමහර විටෙක සමාජයට දිය හැකි ගැඹුරු පණිවුඩ, ධනාත්මක අදහස් නොතිබිය හැකිය. නමුත් එහි කියවන්නාට මෙතෙක් නොසිතූ දෙයක්, නොසිතූ මානයක්, නැවත සිතීමට යමක් අඩංගු වෙයි.

      Delete
  4. මට නම් මේ නිර්මාණය ලස්සනයි. අහිංසක අදරයක් ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩා ඔබගේ comment එකට

      Delete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...