Tuesday, August 27, 2013

මිතු දම යනු මෙය ද?

මෙය ඉතාමත් පුද්ගලික පෝස්ටයක් ලෙස යමෙකු ට සිතිය හැකිය. නමුත් කරුණු නැවත නැවතත් සලකා බැලීමෙන් පසු, මෙහි ඇති ගැහැණු චරිතයට හානියක් නොවන අයුරින්, ඇය හඳුනා ගත නොහැකි අයුරින් මෙය පල කිරීමට සිත් විය. සමාජ සබදතා හා සමාජය අසම්මත යැයි සලකන එහෙත් සම්මත මානුෂිය බැදීම් අතර ඇති වන ගැටුම් යම් තරමකින් මෙහි විග්‍රහ වේ යයි මට දැනේ.

නිදහස් මනසකින් මා හට සිදුවී ඇත්තේ කුමක් දැයි මම සිතා බලමි. සිතට සිතුවිලි අපිලිවෙලින් ගලා එයි. මම කෙසේ හෝ එම සිතුවිලි එකක් පසු පස එකක් ගලපා ගැනීමට තැත් කරමි. එය කෙතෙක් දුරට සාර්ථක වේ දැයි මට සැකයක් උපදී. නමුත් මෙසේ ලිවීම හැරුණු කොට, මා හට වෙනත් විකල්පයක් නොමැත්තේ මය. මෙහි තාර්කික ඇසකින් බලන්නෙකුට නොගැලපීම්, සිය අදහස් සියතින්ම බිදීම් දකින්නට හැකිවනු ඇත. වියවුල් වූ මනස තර්කය ට ගෝචර නොවේ යන්න මගේ හැගීමයි.

මෙහිදී, යම්කිසි දිනෙක ඔබ මෙය ඔබ කියවන්නේ නම්, මෙය මා ඇරඹුමේදී ම පැවසිය යුතුය. මා ඔබ ගැන දරනා ආකල්පය, එක පාර්ශවීය ලෙන්ගතු කමක් (crush) හෝ යෙහෙළියක ගෙන් බලාපොරොත්තු වන මිතු දමක ට වැඩි යමක් (friends plus benefits) නොවේ. එය මා නොබියව හා පැහැදිලිව මෙසේ ඇරඹුමේ දී සඳහන් කිරීම ඔබට මෙය අපහසුවකින් තොරව කියවීමට රුකුලක් වන බව මට සිතේ.

මම ඔබව හඳුනන්නේ වසර ගණනාවක සිට නොවෙයි. මාස 6ක පමණ කෙට් කලක සිට ය. ඔබ නොබිය ව සත්‍යය පවසන විවෘත චරිතයක් බව අප පවත්වන ලද සම්මුඛ සාකච්ඡා හරහා මට නිරික්සිය හැකි විය. රාජකාරිමය වශයෙන් මෙවන් පුද්ගලකු අපගේ කුඩා කණ්ඩායමට එක් කර ගැනීමට මම යුහුසුළු වීම සාධාරණ ය.

පුද්ගලයකු වශයෙන්, ඉතා කෙළිලොල් බැරෑරුම් නොවන චරිතයක් ලෙස ම විසින් හඳුනා ගත් ඔබ, එසේ නොවන්නේ යැයි යැයි ම හට මුලින් ම හැගී යන්නේ, ඔබද මා ද දන්නා අහඹු සිදු වීම වන ඔබගේ අන්වර්ථ නාමයෙන් යුතු බ්ලොග් අඩවිය මට හමු වීමයි. ඔබ කෙතරම් බැරෑරුම් සංවේදී චරිතයක් දැයි එම ලිපි හරහා නිතැතින් දැනී යයි. (සමාවන්න, ඔබ යමෙකු එසේ පැවසීම පිළිකෙව් කරන බව මම දනිමි. එහෙත් මා ඒ හරහා දුටු සත්‍යය එයයි) ඔබ ඔබගේ පෙම්වතාගෙන් කරන ලද යාදින්න, ඔහු අලුයම ලූ කෙල පිඬක් මෙන් ඉවත ලා නිහඬව සිටීම, මා දුටු ඔබගේ වෙන් වීමයි. ඔහු ප්‍රතිචාර නොදැක් වන බව ඔබ කී දින, මා නිහඬව සිටිය ද මා එහි අවසාන දුටුයෙම්. ඔබ ඔහු වෙනුවෙන් දිගින් දිගටම ලිපි ලියා යැවීමට ඔබ කෙරෙහි තිබූ අප්‍රතිහත දිරිය මම අද ද අගය කරමි.

ඒ සමග ම ඔබ තුල පුද්ගලයන් කෙරෙහි පළමු හෝ දෙවන හමුවීමෙන් පසු ඔබ විසින් ඔහු/ඇය කෙරෙහි කළු/සුදු වශයෙන් ඇති කර ගන්නා ආකල්ප මම විවේචනය කලෙමි. අදට ද,පුද්ගලික ජීවිතයේදී එම හැකියාවෙන් නොපොහොසත් වීම හරහා ඔබ මුහුණ දුන් ගැටළු ඔබ දනී. 

ඔබ ඔබගේ shit සහ ok mode අතර දෝලනය වී අතර මැද නොනැවතීම පිලිබඳ ඔබගේ දිවිය හරහා උදාහරණ ගෙනෙමින් තර්ක ගොඩනැගුව ද ඔබගේ ස්ථාවරය මත ඔබ පැවතීම ඔබගේ හැකියාව බව මම දකිමි. ඒ හරහා මතු වූ අනේක ගැටළු ඔබ පසු තවීමකින් තොරව විද දරා ගැනීම, පිටතින් බලන්නෙකුට “විකාරයක්” ලෙස තේරුම් ගිය ද, මා මෙහි දි ඔබ ඔබගේ ස්ථාවරය මත සිටීම අගයමි. එනම් තමන් ගන්නා ලද තීරණ වල වගකීම තමන් විසින් ම දැරිය යුතුය යන්න ය. එමෙන් ම, ඔබ වරින් වර මා හට එම මග අනුගමනය කිරීමට දෙන උපදෙස් වලින් මා ධෛර්යය ට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එවන් උපදෙස් මා ඔබෙන් ඉදිරය ට ද නිරතුරු ව බලාපොරොත්තු වීම මගේ හෝ ඔබේ වරදක් ද?

එවන් මිතුරෙකු ගේ දුක සැප සොයා බලා ඔහු/ඇය වෙනුවෙන් හැකි ප්‍රති උපකාරයක් කිරීම වරදක් වන්නේ කෙසේද? මා හට උපකාර කල අයෙකුට පෙරලා හැකි අයුරින් උදව් කිරීම මගේ යුතුකම ලෙස සැලකීම මා උගත් ක්‍රමයයි. මා ඔබ ගැන ඔබට ද මල කරදරයක් වන ලෙස සොයා බැලීමේ, කලබල වීමේ හේතුව ද එයම වෙයි.

ඔබ මා කෙරෙහි දක්වන ලද විවේචන, නොවලහා හෙළි කිරීමට පැවසීම ට තරම් ඔබ කෙරෙහි මිතුරෙකු ලෙස විශ්වාසවන්ත වීම වරදක් වන්නේ කෙසේ ද? එය අවංක අදහසකින් කරන ලද ඉල්ලීමක් බව ඔබ ද මා ද දනී. නමුත් වෙනකෙකුගෙන් එවන් අවංක ප්‍රතිචාර නොලැබෙන බව මම අදට ද විශ්වාස කරමි. ඔබ කෙතරම් “දරුණු” ලෙස එය පැවසුව ද මම සැම දින එය අගය කරමි.
 එවන් මිතුරෙකු දුරස් වීම හැගීම් දැනීම් ඇති මිනිසෙකු ලෙස ඉවසිය හැකි වේද?

නමුදු, එසේ අන්ත දෙකක ඔබගේ නිගමනයන් වල ට රැඳීමට ඉඩ දීම, අදට ද මට ගැටලුවකි. එය බුදු රදුන්, මද්‍යම ප්‍රතිපදාව හැර දා අත්තකිලමථානුයෝගය වැළද ගැනීමක් වැන්න. (මෙතන ට අදාළ නොවුව ද මා එය පැවසිය යුතුව ඇත )
එවන් මිතුරෙකු ගේ දුකක් වේදනාවක් දුටු විට මා හට නොදුටු සේ සිටිය හැකිද ?

ඔබ ඔබගේ පෙම්වතා හා සමග ඇති වූ ගැටළු වලට මා හට හැකි අයුරින් මා උපකාර කරන ලද්දේ ඔබ දුක්මුසු ව බලා සිටීම මා හට දරා ගත හැකි නොවූ නිසාමය. මා දිගින් දිගට ම ඔබගෙන් ඒ පිලිබඳ ඇසුයේ එහෙයිනි. එය මා හට උපකාර කරන මිතුරෙකු මෙලෙස වික්ෂිප්තව බලා සිටිය යුතු නොවේ යන හැගීම මත පදනම් වුවක් මිස අනෙකක් නොවේ. එය ද ඔබට හිතකර නොවන අයුරින් පුද්ගලික ව බල පෑ බව මට සිතේ. සංවේදී දෑ කෙරෙහි හැගුම් බර වීම මගේ ගැටලුවකි. එය ඔබගේ ගැටලුව මා ගේ සේ සැලකීම ට තරම් සංවේදී වීම මා අද ද පීඩනය ට ලක් කරයි. එය මාගේ චරිත ස්වභාවය යි. එය සමාජය පවසන පරිදි crossing the line මට්ටම ට පත් වීම බිළිබඳ අද ම සිත මට දොස් නගයි. එසේ නොවුයේ නම් අද ද ඔබ මට පෙර පරිදි මිතුරෙකු ලෙස කථා කරනු ඇත.
එහෙත් මෙවන් මානුෂීය බැදීම් මිනිසුන් අතර ඇති විය නොහැකි ද?

 කාලය සෙමින් ගෙවී යයි. මා පුද්ගලික ගැටළු රාශියකින් පෙළෙමින් සිටින විට, මා හට ඔබ සිහි වීම ඉහත කරුණු හරහා මම සාධාරණීකරණය කිරීමට අවංක ලෙස උත්සාහ කරමි. එය මා ගිරවකු ලෙස කිසිදු චකිතයකින් තොරව කියවා ගෙන යෑම සහ ඔබ ඉතා සාවධානව ඇහුම්කන් දී ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම මගින් මගේ ගැටළු විසදීමට උදව් වීම මා කෙසේ නම් අමතක කරන්න ද? එමෙන්ම, එලෙස පැය ගණනක් දිගු වූ අපගේ දිවා ආහාර කාලය සමාජයට ගැටළුවක් වීම මගින් ඔබ පත්වූ අපහසුතාව මා කෙසේ අමතක කරන්න ද.? සත්‍යය නම්, මට ද වැඩියෙන් මගේ ප්‍රශ්න සංවේදී ලෙස විශ්ලේෂණය කිරීමට ඔබ ක්‍රියා කිරීම, මා ඔබගේ ගැටළු වෙනුවෙන් මැදිහත් වීම හා යම් තරමකින් හෝ සමාන වීමයි. එය යහපත් මිතු දමක් හැරුණු කල, අනෙකක් නොවන බව මාගේ අවංක සිතුවිල්ලයි.
එවන් මිතු දමක්, අහිමි වන තෙක් මට බලා සිටිය හැකි වේද?

විටෙක ඔබ සමග ගැටුම් ඇති කරගනිමින් පවා මා ඔබ ගැන සොයා බැලුවේ ඔබ අපහසුතාවයට පත් කරන අරමුණින් යැයි ඔබට සිතුන ද, ඔබ ගැටළු වලින් හැකි පමණ ආරක්ෂා කර ගැනීම මා කල යුතුය යන සිතුම මා තුල හොල්මන් කිරීමට වීම එයට සැබෑ හේතුවයි. එය ඔබට නුරුස්නා බව මම දනිමි. එය මා ඔබ කෙරෙහි මා දක්වන ලෙන්ගතු (intimate) ආකල්පයක් නොවන බව මගේ සිත දනී. සමහර විටෙක, එය මගේ ජීවිතයේ සහෝදරියන් නොමැති වීමේ අඩුව පිරවීමට මනස විසින් යොදා ගන්න ලද අස් බැඳුමක් විය හැක. එවන් දේ තර්ක බුධියට හසු නොවේ.
තත්වය මෙසේ හෙයින්, මෙම සිදුවීම් මාලාව අප කණ්ඩායමේ අයට කුතුහලයක් ඉපිද වීමට සමත් වීම ස්වභාවිකය. එය මා මුලදී නිරීක්ෂණය නොකිරීමට හේතුව මාගේ සමාජයීය බුද්ධි හීන භාවය නොවෙයි. මෙවන් උගත් පුද්ගලයන් පටු අයුරින් සමාජය දෙස බලාවි යැයි මට නොසිතීමයි. එය අසාමාන්‍ය සේ ඔබට සිතීමට ඇති ඉඩ පිලිබඳ මම ප්‍රශ්න නොකරමි.

එය අතීතයයි................... වර්තමානය සියල්ල කන පිට පෙරලීමට සමත් ව ඇත.


  • අද ඔබ මා හා තනිව අහර ගන්නා විට දී පවා ඉතාම අපහසු තාවයට පත්වන අයුරු ඔබම පවසයි. එසේ නොපවසුවද එය මට හොඳින් දිස්වේ.
  • ඔබට මා අමුතු පුද්ගලයෙකු සේ සිතෙයි. මා සිටිනා තැන අන් අය, සමග පවා ඉතා පරිස්සමින් වචන අමුණමින් කථා කරයි.
  • මා විසින් ඇති කරන ලද ගැටළු ඔබ පසු පස හඹා එමෙන් සියල්ල එපා වූ ලෙස හැසිරෙයි. 
  • මා ඔබ කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කරන්නෙකු, ඔබගේ නිදහසට බාධා කරන්නෙකු ලෙස ඔබට හැගේ.
  • ඔබ සමාජයෙන් ඇති වන බලපෑම් හේතුවෙන්ම, මා සමග සාකච්ඡාවකට ඒමට පවා මැලි වෙයි. මා ඔබ හා කරන කතා බහේදී මට පවා කරුණු ගොනු කර ගැනීමට තරම් සිත නිසල නැත. (මෙය ලිවීමට ආසන්නම හේතුව, මට මා තේරුම් ගත යුතු බැවිනි)
මා ඔබ හා පැවසු පරිදි, සත්‍යය නම්, මගේ පුද්ගලික ගැටළු රැකියා ස්ථානයේදී පවා මට මතක් වනුයේ, ඔබ හා සමග කථා කිරීමට ද ඇති ඉඩ කඩ දැන් ඇහිරී ඇති බැවිනි. ඔබට ද එයට කල හැකි යමක් නොමැති බව මට පැහැදිලි ය. මේ හේතුවෙන් මා නොසලුනේ යැයි කියන්නේ නම් එය බොරුවකි.නමුත් ඔබ , ඔබ ගත් තීරණයේ නොසැලී පසු නොතැවී සිටීම මට පුදුම උපදවයි. මට ද එසේ විය හැකි නම් මේ මොහොතේ මා මෙය අකුරු නොකරමින් සිටිනු ඇත.

මා ඔබ හා crush එකක් වන්නක් තිබුනේ නම් මට what the hell යනුවෙන් සිතා හිත හදා ගත හැකිව තිබුණි. නමුත් පෙර පැවසු පරිදි ඔබ කෙරෙහි මා තුල පවත්නුයේ, එයට ඉඳුරාම වෙනස් මනුශේය බැදීමක් බව මට ද අද දින පැහැදිලි වන විට, ඔබ ඔබගේ තීරණයේ ස්ථාවරත්වයක සිටින බව මම දකිමි. එහි අන්තයටම ගොස් ඔබ රැකියා ස්ථානය හැර දමා යාමට පවා සිතමින් සිටී. එහෙත් එසේ ඔබට වීම සිදු නොවිය යුත්තක් බව මගේ හැගුමයි.

 මම නික්ලේශී රහත් පුද්ගලයකු නොවුව ද, කවුරුන්, කෙසේ පැවසුව ද මා ඔබ ව.............

  • කිසි ලෙසක අයිති කර ගැනුමට සිහින මැවුවේ නැත. ඔබ ගැන වැරදි ඇසකින් බැලීමට තරම් නරුම සිතක් මා තුල නැත. ඉදිරියටම එය එසේම ය.
  • ඔබ ව සතුටින් තැබීමට හැකි පමණ උත්සාහ දැරීමි.
  • ඔබගේ දුකෙහිදී ඔබ නොදන්නවා වුවද දුක් වුනෙමි. ( ඔබ එය බලාපොරොත්තු නොවීම වෙනකකි ).
  • ඔබට මහා කරදරයක් ලෙස සිතෙන අයුරින් ඔබ සමග කථා කලෙමි. විවිධ දේ ගැන ඔබට නිදි මත දැනෙන තුරු සුහදව කථා කලෙමි.
  • මම සමහර විටෙක මා ගැන පවා නොසිතා ඔබගේ යහපත ගැන සිතීම (ඔබ බලාපොරොත්තු නොවුවද) ඔබ විකාරයක් සේ දුටුවද මට එය සිතට එකගව නොකර සිටිය නොහැක.
මම ඔබට විටෙක මිතුරියක ලෙස ද, විටෙක මගේ ම සොයුරියක ලෙසද, ගැටළු පැන නැගුනු ඇතැම් විටෙක ඔබ මත යැපෙන (dependent) කුඩා දරුවකු ලෙස ද හැසිරුණු බැව් ඔබ ද මාද දනී. එහෙත් එවන් මිතු දමක් මෙලෙස පලුදු වීමට හැරීමට මට සිත් නොදේ. අද දින ඔබ මා හා bye කීයා සමු දීමට පවා නොහැකි ලෙස ව්‍යකුලත්වයකට පත්ව සිටි අයුරු මම දුටුවෙමි.

මා දකින පරිදි ජීවිතයේ සෑම මිනිසෙකුම තමන් සතුව නොමැති යම් කිසි අඩුවක් පුරවා ගැනීමට දිව යයි. මා සොයන එම අඩුව ඔබ විසින් යම් පමණකට ඔබ දැන හෝ නොදැන පුරවා දී ඇති බව ම සිත කීම මට ඔබෙන් සැගවිය යුතු නැත.නමුත්, එදෙස කිසිවෙකු පටු ඇසකින් නොබැලිය යුතුය. දැනුදු මා ඉතා වගකීමෙන් කියනුයේ, මා හට පෙර සේ, නමුත් සමාජ සම්මතයනට ගරු කරමින්, ඔබ හා මිත්‍රශීලීව කටයුතු කල හැකි බවයි. 

අද ද, සිය සුරතල් බලු පටවා නැතිව හඬමින් සොයන කුඩා දරුවකු ලෙසින්, මම ඒ නැතිවූ මිතුදම සොයනෙමි. මෙය මාගේ බොළඳ ප්‍රකාශයක් නොවේ. මෙය මට සත්‍ය වශයෙන් ම සිතෙනයුරුය.


15 comments:

  1. ඔය වගේ පටන්ගන්න ගොඩක් යාළුකම් අන්තිමේදී නතර වෙන්නේ ටිකක් දුර දිග ගිහිල්ලා. සමහර වෙලේට අපි හිත රවට්ට ගන්නවා අපේ වාසියට අපි යාළුවො විතරයි කියලා. හැබැයි හිත ඇතුලෙන් එහෙමම නෑ.....

    ReplyDelete
  2. මේකේ අකුරු ටිකක් ලොකු කරන්න.

    ReplyDelete
    Replies
    1. අකුරු ලොකු කිරීමේ තාක්ෂණික ගැටළුවක් පවතී. සමාවන්න. සඳු නිමා මෙන් මේ පිළිබද ඔබගේ අදහස් පැවසීම ඉතාමත් අගය කරමි.

      Delete
    2. පළමුව ස්තුතියි අකුරු ලොකු කිරීමට.

      මෙයට හේතුව ඔබ හොඳින් දන්නවා..
      //සමහර විටෙක, එය මගේ ජීවිතයේ සහෝදරියන් නොමැති වීමේ අඩුව පිරවීමට මනස විසින් යොදා ගන්න ලද අස් බැඳුමක් විය හැක. එවන් දේ තර්ක බුධියට හසු නොවේ.//

      //මා දකින පරිදි ජීවිතයේ සෑම මිනිසෙකුම තමන් සතුව නොමැති යම් කිසි අඩුවක් පුරවා ගැනීමට දිව යයි. මා සොයන එම අඩුව ඔබ විසින් යම් පමණකට ඔබ දැන හෝ නොදැන පුරවා දී ඇති බව ම සිත කීම මට ඔබෙන් සැගවිය යුතු නැත//

      සත්‍ය මෙයයි. මේ පිළිබඳව මා සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. නමුත් බොහෝවිට වරදින ස්ථානයත් මෙයයි. ඒ අනුන් තුලින් තමන් සෙවීමයි.


      Delete
  3. සතුටින් ජීවත් වීමට නම් අනවශ්‍ය දේ නොකළ යුතුයි.අවශ්‍ය දේ කළ යුතුයි.කෙනෙකුට යමක් දිය යුත්තේ නැවත පොලිය බලාපොරොත්තුව නොවෙයි.මෙහිදී දෙනෙ දේ යනු ද්‍රව්‍ය පමණක් නොවේ.වාචික උදවුත් ඇතුළත්.පිනට දෙන්න නමුත් ණයට නොදෙන්න යන කියමන සිතට ගන්න.මෙය වෙන විදියකට භාවිතා වන කියමනක්

    ReplyDelete
  4. පලමුවෙන්න කියන්න ඕන මේ සිද්ධිය ගැන පමනට වඩා හිතන එකනම් ප්‍රයෝජනවත් නොවෙන බවයි.මෙවැනි මිත්‍ර සම්බන්ධතා නොයෙකුත් දිශාවන්ට ගමන් කල හැක.තමන්ගේ හිතේ තියෙන දේ ගැන සහසුද්ධියෙන්ම දන්නේ තමන් පමනි.විවෘත මනසින් නැවත පහදාදීමක් කලහැකි නම් ඔබට නිරවුල්ව ඉදිරියට යා හැක

    ReplyDelete
  5. කොයි තරන් රැඩිකල් චරිතයක් වෙන්න හැදුවත් අපි ජීවත් වෙන්නෙ හැමදාමත් එකම විදිහට හිතන පතන මේ සමාජයේ. රැඩිකල් වෙනවනන් ඒ හැසිරීමේ ප්‍රතිපල වලින් අනුන්ට හානියක් නොවෙන විදිහට වගබලාගැනීම තම තමන්ගේ වගකීමක්. ඒ වගේම ඒ තමන් ගත්තු තීරණයේ ප්‍රතිපලය කුමක් උනත් ඒකට මුහුණ දෙන එක තමයි මම හිතන විදිහට යමෙකුගේ ශක්තිය කියන්නේ. ඒ දෙකම නැතුව යමක් කරනවනන් යම්කිසි කෙනෙක්, එක්කෝ ඒ පුද්ගලයා යථාර්තයෙන් හැන්ගෙන කෙනෙක්, එහෙම නැත්නම් තව කෙනෙක් ගෙන් හෝ තමන්ගෙන්ම පළි ගන්න කෙනෙක් විදිහටයි මම දකින්නේ.

    ReplyDelete
    Replies
    1. යම් හෙයකින්, ඔබ මෙහි සදහන් කාන්තා චරිතය වුයේ නම් ඔබට මෙම සබදතාව පිළිබද දැනෙන්නේ කුමක් දැයි හෙළි කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

      Delete
    2. පිරිමින්ට උනත් තමන් කරන කියන දේවල් වලින් ගැහැණියට සිද්ද වෙන හානිය හෝ හොඳ ගැන කල්පනාකාරී විය හැකියි යන්න මගේ අදහසයි. කුමන ප්‍රශ්නයකදී වුවත් තාමත් සමාජයෙන් වැඩිපුර බැට කන්න සිද්ද වෙන්නෙ ගැහැණියටයි.

      Delete
  6. අනේ මං වගේ 300 පන්නපු අහිංසකයෝ ගැන අනුකම්පා කරලා Friend Connector Follower gadget එක එල්ලන්න.. Layout-all a gadget- more gadgets වල පළවෙනි පිටුවෙ අන්තිමට තියෙනවා...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං මොකද කියන්නෙ කියල මං මේ කල්පනා කරන්නෙ..

      මං හරිම කෙටියෙන් පුංචි දෙයක් කියන්නං... මගේ හොඳම යාලුවා කොල්ලෙක්.. හැමදේටම මට ඕනෙ වෙලාවට මගේ ළග හිටපු එයා අද මගේ ගාව නෑ.. ඒ උනාට අද මම මේ කරන කියන හැමදේකම එයාගෙන් මට ලැබුනු දේවල් තියෙනව... මට මේ ඔය කියන දේ ‌තේරුම් ගන්න පුලුවන් මගේ මට්ටමෙන් විතරයි... ඒක නිසා මේක අදාළ නැත්තං අතෑරලා දාන්න..

      කෙල්ලෙක් හොඳම යාලුවෙක් විදියට කොල්ලෙක්ව ආශ්‍රය කරනව නං ඒ ආශ්‍රය ඇතුලේ තියෙන්නෙ සංවේදී, සාධාරණ, සැහැල්ලු, සුහද, ආදරණිය හැඟීමක්... හැකි උපරිමෙන්ම එකිනෙකා තේරුම් ගැනීමක්.. ඒක කරන්නේ කිසිම ආත්මාර්ථකාමී හැඟීමක අංශු මාත්‍රයක්වත් හිතේ තියාගෙන නෙවෙයි... ඒක බෝයි ‌ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් ගොඩක් වෙනස්.. හොඳම යාලුවා එක්ක තමන්ගෙ ජීවිතේ ඉස්සරහ ගැන කතා කරද්දි කිසිම බාහිර බලපෑමක් නැති, ගොඩක් පොසිටිව් හැඟීමකින් කතා කරන්න පුළුවන්.. ඒත් බෝයි ‌ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක අනාගතේ ප්ලෑන් කරද්දි බලපෑම් ගොඩයි.. ප්‍රශ්න ගොඩයි.. නෙග‌ටිවිටි එක වැඩියි... ඒ වගේ වෙලාවකදි යාලුවෙක් හැටියට උදවු කරද්දි කල්පනාවෙන් කරන්න ඕනෙ.. මොකද නෙගටිවිටි එකේ ඉන්න කෙනෙක් පොසිටිව් කරන්න පුදුම අමාරුයි...

      යාලුවෙක් කියන්නේ වැරැද්දක් කරනවා නං ඒක මූණටම කියන්න පුළුවන්, ඒත් වැරැද්දක් කළා කියලා හිතේ තරහක් තියාගන්නේ නැතුව වැරැද්ද හදගන්නත් උදවු කරන කෙනෙක්.. පෙම්වතෙක්, හස්බන්ඩ් කෙනෙක් කියන්නෙ ඔය දේවල් එක්කම කරන හැමදේකදිම තමන්ට ඇතිවෙන බලපෑම ගැනත් හිතන කෙනෙක්... යාලුවෙක්ගෙන් යාලුවෙක්ට එහෙම බලපෑමක් නෑ.. එතනදි ඇතිවෙන පීඩනය අඩුයි.. මෙතන මට හිතෙන්නෙ උදවු කරන්න ගිහින් එයාට තවත් පීඩනය වැඩි වෙලා කියලා...

      Delete
    2. දයාබර හිරු. ඔබගේ කොමෙන්ටුවට බොහොමත්ම ස්තුතියි. follower gadget එක add කළා. අන් අයගේ අදහස් වලට වඩා වෙනස් ඇසකින් මෙම පෝස්ටය දෙස බැලීමක්. මෙය බොහෝ දුරට මගේ පොස්ටයහි අඩංගු දේ අනුමත කිරීමක් හැටියටයි මට දැනෙන්නේ. මෙවන් යහළු කම්, තමුන් කල්පනාවෙන් ඔබ කියන පරිදිම අවංක අදහසින් පවත්වාගෙන යන්නේ නම් එය ඉතාම යහපත්. නමුත් නෙතුපුල් (පෙර comment එක) කියන පරිදි එය රැඩිකල් වීමක් විය හැකිය. එය සමාජය වැරදි ලෙස දැකීමත්, එමගින් ඇති වන පීඩනයත් යෙහෙළිය කට දරා ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්. මගේ කථාව, ඔබගේ චරිතය ට වඩා වෙනස් වන්නේ ද එතනින් යැයි මට සිතේ. මෙතන ලියන තවත් ඇයට ඔබගේ comment එකට අදාලව පිළිතුරු/ගැටළු ඇති බවත් මට විශ්වාසයි.

      Delete
  7. අද තමා මේ පැත්තට ආවේ. සැනසිල්ලෙ කියවන්නෝනි පෝස්ටුව !

    ජය !

    ReplyDelete
    Replies
    1. හඳුනා ගැනීම සතුටක් sam. මමත් ඔබගේ බ්ලොග් රසිකයෙක්. සැනසිල්ලේ කියවල අදහස් දක්වන්න!

      Delete
  8. අපි ‍ගොඩක් දේවල් සාධාරණීකරණය කරගැනීමට විවිධ තර්ක ගෙනාවට ඒක ඇතුලේ තියෙන වැසිය නොහැකි සත්‍යය ආදරය නම් අපි ඒක පිළිගත යුතුයි. දෙයක් අහිමිවන බව පෙනෙන විට දුකක් තනිකමක් දැනෙනවානම් ඒක අපට අවශ්‍යයි. කෙනෙක් අෑතට යනවිට බලාගෙන ඉන්න බැරිනම් එයාව අපි ළගින් තියාගන්න ඕනේ කියන එකයි ඒ කියන්නේ.

    ජීවිතයේ හැම නිමේෂයක් ම ආයේ එන්නේ නැ. ඒ නිසා කරන දෙයක් පරක්කු වෙන්නැතුව කරන්න. ඔබ මම නම් මේ සම්පූර්ණ කතාව මං කටින්ම කියනවා. එතකොට අනික් කෙනා මීට එහා දෙයක් මට කියනවා කියලා මං දන්නවා. ඇත්තට ම කියනවානම් මම දෙපාරක් හිත හිත ඉන්නේ නෑ. මේක මගේ ජීවිතය........................

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...