Monday, August 19, 2013

මුට්ටිය කුඩු කර ගැනීම - 2

මෙය මුට්ටිය කුඩු කර ගැනීම - 1 හි දිගුවකි. මෙය ලිවීමට මෙතෙක් ඉඩ හසරක් නොතිබීම හේතුවෙන් රස වින්දනයට වූ බාධාව පිලිබඳ පාඨකයෝ කමත්වා.

සඳුදා හිමිදිරිය.

මුට්ටියා උදේ කෑමට පෙර දෙවියන් ට ස්තුති කිරීමේ යාඥාව අවසන් කරයි.

ඩීප් සිය දැල එලීමට කල් යල් බලමින් මන්තිරිය සමග කාමරයට පැමිණ බලා සිටියි.

"අඩෝ අද stats ලෙක්චර් එකට යන්නේ නැද්ද?" ඩීප් මුට්ටියා ගෙන් අසන්නේ සඳුදා උදේ පාන්දර ඔය ලෙක්චර් එකට බල්ලෙක් වත් යන්නේ නැති බව දැන දැන මය. එය සංවාදයට ප්‍රවිශ්ටයයි.

"ආ නිම්මි ගෙන් note එකක් ඉල්ලා ගන්න බැරිය" මුට්ටිය පිළිතුරු දෙයි.
මුට්ටියා ගැන බැචීලට ඇත්තේ විශ්වාසය මුසු ගෞරවයකි. එය ද මන්තිරියට දිරවන්නේ නැත.

"යකෝ මුට කෙල්ලෝ දීගන යන විදිහට අපිට chance තිබුණ නම්, අපි ගොඩේ ගොඩ. කොහෙද ඉතින් මුට අතට එන එක කටට දා ගන්න පින නැති හැටි"

"ඔව් ඉතින් උඹ බඩු කාරය කියල බැච් එකම දන්නා එකේ set උනොත් ඔහොම ever-ready කෑල්ලක් තමයි"
මුට්ටියා කැත්තට පොල්ල මෙන් පිළිවදන් දෙයි. මන්තිරියගේ වත්මන් කරත්තය හැම කඩේකම නවත්වා තොග මිලට බඩු විකිනූ එකක් බව බැච් එකටම නොරහසකි.

ඇසක් ඉඟි මරා ඩීප් මන්තිරියට කලබල නොවන ලෙස සන් කරයි.

"අඩේ එක නෙවෙයි අද නවය වෙද්දී කොහොම හරි computer lounge එකේ බූකිංග් එකක් දා ගන්න ඕනෙ" ඒ මන්තිරියාය.

ඒ කල සීමිත පරිගණක (6ක් හෝ 7ක්) භාවිත කිරීමට කුසපත් ඇදීමක් කරයි. වාසනාවන්තය ට පැයක් පරිගණකය භාවිත කල හැක. විටෙක yahoo page එක load වීමටම විනාඩි 10ක් ගතවේ. ( ඒ කාලයේ google තිබුනේ නැත )

"ඒ මොකද බන් ඒ" සියලු වාද භේද අමතක කල මුට්ටියා උපන් කුතුහලයෙන් විමසයි.

"මුට්ටිය කියල වැඩක් නැහැ බන්. ගිය සතියේ මට set උන ඉස්කෝලෙන් අස් වෙච්ච bridget එකේ කැල්ලක්. yahoo chat room එකකින්. එකී ෆොටෝ වගයක් එවල තිබුන, බලන්න එපාය බන්, butter වගේ
පාට කෑල්ල. අනික් අවයව ටිකත් අඩු නැතුව පිහිටලා තියෙනව. ඒක මතක් වෙනකොට රෑට මගේ අම්මෝ මහන්සියටත් එක්ක මලා වගේ නින්ද යනවා."

"ඔව් බන්, පිස්සු හැදෙනවා එක දැක්කහම. මූ computer special එකක් කරනවා කිව්වහම, එකී නිකම්ම වගේ වැටුන, මොකද ඉතින් බැඳලා නඩත්තු කරන්න කියල ය" ඩීප් පොහොර දමයි.

 ඒ කාලයේ yahoo chat room වල කට්ටිය date කිරීම සුලභ කරුණකි. අද මෙන් නොව ඉතා ඉහල සමාජ මට්ටමක හෝ මුදලෙහි වටිනා කමක් නොදන්නා ගැටිස්සියන් හා ගැටයන් මෙහි log වීම නිරික්සිය හැකිය. අප වැනි මධ්‍යම පාංතික ශිෂ්‍යයන් හට chat කිරීම ට අවකාශ සැලසෙනුයේ ඉතාම විරලවය. එය ද විශ්ව විද්‍යාලයේ පරිගණක පාඨමාලා හදාරුවොත් පමණි.

මගේ රුපියල් පන් සීයයේ ඉරණම ගැන සිතමින් මම නිහඬ වෘතය රකිමි.

"මුට්ටියා, අපි ට්‍රය් කරලා බලමු කො. නවීන තාක්ෂණයේ ඵල නෙලා ගන්න" ඩීප් හඬ අවදි කරයි.

"ඔව් වොව්, එක තමයි උඹල පෙරෝන රෙද්දේ මුළු ලෝක සිතියම ම print වෙලා තියෙන්නේ. උඹලගේ මහන්සියේ ප්‍රතිඵල තමයි. අනේ මගෙන් කුණුහරුප අහන්නේ නැතුව හිටහන්" මුට්ටියා ගේ පිළිතුරට මට බකස් ගා හිනා යයි.

"හරි හරි, උඹ වරෙන් කෝ පෙන්නන්න මගේ progress එක. කොහොමත් උඹ දැන් campus යනවා නේ"

මෙම කාර්යය සිතු තරම් පහසු නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය. එහෙත් ඩීප් සහ මන්තිරියා උත්සාහය අත නොහරියි.

මම සැහැල්ලු සිතින් වෙන දේ බලා සිටිමි.



No comments:

Post a Comment

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...