Thursday, August 8, 2013

දික්කසාදය හා පසු වදන

මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුවකි. සිවු වසරක් විශ්ව විද්‍යාල දිවිය නිමා කර විවා පත් මේ දෙදෙනා ඉතාමත් සුන්දර කෙළිලොල් දිවියක් ගෙවූ අතර, ඔහුටත් නොතේරෙන ඇයට ද නොතේරෙන යම් කිසි හේතුවක් නිසා ඇය ජීවිතයේ ඇති ගැඹුර සෙවීමට පටන් ගැනීම අවසන් වන්නේ තුන් වෙනියෙකු තුල එම ගැඹුර ඇය දුටු නිසාවෙනි. එය නිම වන්නේ දික්කසාදයකිනි.

අදට ද දික්කසාද වූ ඔහු හා ඇය කථා කරයි. ජීවිතයේ විශේෂ අවස්ථාවන්හිදී සුබ පතා ගනිති.නමුදු ඔවුන් දෙදෙන දික්කසාදයෙන් පසුව එකිනෙක කිසි දිනෙක මුණ නොගැසෙති. ඒ පැරණි ප්‍රේමය හා ගත වූ විවාහ දිවිය යලි මතකය ට නැගීමෙන් සිතෙහි ඇති වන දුක පහසුවෙන් නිවා ගත නොහැකි බව ඔවුන් දෙදෙනා හොඳින් දන්නා බැවිනි.


සිවු වසක සරසවි පෙම
ඵල දරයි දුරුත්තේ මනරම් දිනක
පති කුලපත් මම අත ගනිමි ඔහු
මගුල් බෙර සක් හඬ මැද

දිවි සැරියෙ කඩ ඉමක්
පසු කරමි මම තුටු සිතින්
නගයි මතකයට මංගල යහන
පටස් හඬින් බිඳුණු මල් වෙඩිල්ල

නව දිවි සැරිය
කෙලි දෙලෙන් හා තුටින්
සමනළියක ලෙද
ගෙවා දමනෙමි මම
මතක් වන තුරු දිනෙක
අමතක වු ජීවිතය

සොයන්නෙමි මම
සැම තැන .. නැතිවූ එම ගැඹුර
අසනෙමි ම හිමී ගෙන්
සොයා දෙන මෙන් එය
නොපොහොසත් වූ ඔහු
වල්මත් කරයි ම සිත

අහඹු එක දිනයක
දකිමි මම එ සෙවු ගැඹුර
එබී බලමි මම එ දෙස කුහුලින්
ඉටා ගනිමි මම
වෙනසකට දිවි සැරිය..

දෑස වැසූ එ කත
කිරා බලමින්’ යුක්තිය
වෙනස් කරවයි දිවි සැරිය
ගැඹුර සෙවුමට ඉඩ දෙමින්

යදමින් බිඳුණු මම
තිර අදිටනින් යුතු...
කිඳා බසිනෙමි තෙරක් නොපෙනෙන
ඒ ගැඹුර ට ම..

යලිදු මා මතකට නගයි ...
පටස් හඬින් බිඳුණු මල් වෙඩිල්ල
බාදුරාවේ එ වැසුණු පියනේ හඬින්


1 comment:

  1. දික්කසාදය සොදුරු සිත්තමක් වුව සමහරකුට, විටෙක දරාගත නොහැකි කල්පනාවක් වෙන්නේ නිතනෙනි...... දිවිය පුරා ඔඩු දුවන ....හද රිදෙන සිතුවිල්ල එයම වන්නට පුළුවන.... අසියතිකයින්ට දික්කසාදය සිම්පල් නැත. ......

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...