Monday, May 13, 2013

වියපත් නොවූ ප්‍රේමාන්විත බලා සිටීම



 වියපත් වූ මම අතීතාවර්ජනය කරමි. මා ආ දීගු ගමනේ මතක සටහන් තව ද මැකී නොමැත. මගේ සොඳුරිය මා ආ ගමන් මග පියවර තබමින් මා අනුකරණය කරමින් මා පසුපස එනු මම බලා සිටිමි.

 සොඳුරිය, ඒ මිහිරි අතීතයේ කඳු මුදුන්, ගස් මුදුන් වල මා ගැයූ ගීතයන්ගේ, මා ඔබට ගැයූ ගීතයන්ගේ දෝංකාරය ඔබට ගලනා ඇල දොළ හඬින් අද ද මතකයට නගා ගත හැකි වේද?

සොඳුරිය, මේ දිගු රළු ගමනේ ඔබ වලිතලාවක් වී මා සැනසූ අයුරු ඔබට මතක ද? මම ඒ ගමන් මග දෙස ඔබේ දැක්මෙන් ආවර්ජනය කරමි. පරිනත මා ඔබට අතීතයේ දැක්මට නොහැකි වූ ඔබේ ඇසින් ඒ දෙස බලා සිටිනුයේ ඔබද මා ද හමු වන දිනක් මතු වට එනු ඇතැයි බලාපොරොත්තුවෙන්. මන්ද, මා ආ ගමනේ පිය සටහන් තවද මැකී නොමැති බැවිනි.

No comments:

Post a Comment

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...