Thursday, November 7, 2013

දෙවියන් නොදුටු.. දෙගුරුන් දුටු .. මා විරහව

ම සිත ඉකි බිඳින සර
ඔබට ඇසෙන සඳ
ගොළුව ඇත ඔබේ හඬ
නිහඬ වත රකිමින්...විපිලිසරව...

වරමක් අයදුවෙමි
අවදි කරන ට ඒ සර
දොඩමලු වනට මා හා..
ගොළු කරවනට ඉකි බිඳුම

දිවි සැරිය සරණට
ඉටු දෙවි නොදුටු අයැදුම...
කුල දෙවි සරණ වූ සඳ....

නිහඬ වත අත හැර
දකිමි මා ම සිත...
දකිමි මා ඉකි බිඳුම....ගොළු වන අයුරු 

1 comment:

  1. හෙඩිම කවියට තේරුම් සපයන එකක් ම වගේයි පේන්නේ.. පද බැදුම හොදයි..

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

ලොහාන් ගේ අකල් මරණය

අද සටහන (18/08/2025) ලොහාන් රත්වත්තේ මැරිල ලු. මම දුවගෙන ගොස් මගේ නැන්දනියට (බිරිඳ ගේ මවට) පවසමි.  ඒ Google Transcribe (මෙය අප කතා කරන එක ලි...