උපුල් නෙතු යුග දකිනු රිසියෙන
පෙනෙන නොපෙනෙන දුරට ඇදුන ද
පෙනෙන යදමින් බැඳුන මා ගත..
තොර කරයි මා පතන ඉසිඹුව
සොඳුරු මොහොතක් පතන මා සිත
නොසඟවා සන් කරයි මා අද ...
සිහින් හුයෙකින් බැදී ගිජිදු බව
යදම සිදුනද හුය නොබිදි බව
ඇතුන් බැඳ දමන සිහින් දම් වැල ඔවුන් කඩා බිද නොදමනුයේ ඇත්තටම ඔවුන් එය බිදිය හැකි බව නොදන්නා නිසා ද...
නැතිනම් ඇත්තටම එය සිහින් හුයක් ලෙස දැක දැක, එය බිද ගතහොත් ලැබෙන "නිදහස", නිදහසේ නොහැසුරුනු ඇතුට නිදහසක් ලෙස නොහැගෙන නිසා ද ?
Friday, November 20, 2015
Friday, October 30, 2015
ඉන්ද්රියයන් දමනය කර නොගත් ඉන්ද්‍ර(ශක්‍ර දේවේන්ද්‍රයා), අසරණ අහල්යා හා ගෞතම ඍෂි .. හා වර්තමානයේ අහල්යා ගේ පලි ගැනීම
ලස්සන සාහිත්‍ය කතාවක්.. ලස්සන youtube නිර්මාණයක්
ඉන්ද්‍ර දෙවිඳු ගෞතම ඍෂි ගේ සුන්දර බිරිද කෙරෙහි ආශාවක් උපදවා ගනී. ගෞතම ඍෂි පාන්දර නිවසින් බැහැර යන විට, ඉන්ද්‍ර දෙවිදුන් ගෞතම ඍෂිගේ ස්වරුපය මවාගෙන පැමිණ අහල්යා හා යහන් ගත වේ . සත්‍ය වශයෙන් ම ඇය සිතනුයේ ඉන්ද්‍ර ඇගේ සැමියා බවයි. නමුත් හදිසියේ නැවත පැමිණෙන ඍෂි තුමන් මෙය දැක ඉමහත් කම්පාවට පත් වී, ඇයගේ අනාචාරී හැසිරීමට ඇය ගලක් බවට පත් වන ලෙස ශාපයක් කරයි ( මෙය පුද්ගලිකව මට ගැටලුවකි, ඇය වරදේ බැදෙන්නේ නොදැනය ). ඉන්ද්‍ර දෙවිදුන් ට "යෝනි" දහසක් මැවෙන ලෙස ශාප කරයි. (එය නම් ඉතා හොද දඩුවමක්). පසුව එම යෝනි දහස ඇස් දහසක් බවට පරිවර්තනය කර ගත්තලු.
අද අහල්යා , ඉන්ද්‍ර ට දෙන දඩුවම බලන්න..
Monday, June 8, 2015
හන්තාන සිහිනේ - යුග දෙකක මුසුව
සුන්දර හන්තාන .. සිය මිහිදුම් සළුවෙන් පෙම්වතුන් සඟවා, පිපි කුසුමින් ඔවුනොවුන් සුවඳවත් කරන්නීය. පෙමින් වෙලුනු පෙම්වතුන්ගේ සිහින ද වෙන් වූ අයෙකු ගේ විරහව ද නිසලව විදින්නීය, වින්දවන්නීය.. සුන්දර හන්තාන අරණේ සිහින දැකුමට පෙරුම් පුරනා "පෙම්වතියක" හා තැවෙන පරිණත "පෙම්වතකු" ගේ දෙබස, මිහිරි ගීයකට තෝතැන්නක් වී ඇති සෙයකි.. හන්තාන පෙම්වතියට සිහිනයක් වුව ද, තනි වූ පෙම්වතා ට හා හන්තානට රහසක් නොවීද .. විඳිමු එය ඔවුන් විඳි සේ...
පෙම්වතිය: මා කුලුඳුලේ දුටු හන්තානයේ සිහිනය නෙලා ගනු නොහැකිව මා බලා සිට වැලපුම හැර අන් කවරෙක් කරන්න ද ?
පෙම්වතා: ඔබගේ සිහිනය නෙත් අග රඳවා තබා ගන්න සොඳුරිය .. සිත නැමති මල නෙලා මගේ සංසාරික සිහිනය ගොතන්න..
පෙම්වතිය: හන්තානයේ පබළු වන් මුතු වැස්සෙන් තෙමෙමින්, ජීවිත රග මඩලේ ඔබ හා තුරුළු වන්නට සිහින මවනෙමි මම ...
පෙම්වතා: නවතින්න ඔබ.. පතිනිය හැර ගිය ජීවිත රග මඩල සොවින්, අමාවක අදුරෙන් පිරී ඇත.. අඳුරේ වල්මත් නොවනු මැන සොඳුර ...
පෙම්වතිය: නොනවතිමි මම, ඉවසා සිටින්නෙමි..ඔබේ අදුරින් පිරුණු රග මඩල ට ආලෝකය ලැබෙන තුරා තරුවක් ව හිඳ අසනෙමි ඔබගේ පෙම් ගී ..
පෙම්වතා: ඔබ වෙහෙසකර නොවන්න පෙම්වතිය ... පසළොස්වක සඳෙහි එළියෙන් මම ඔබව සොයා පැමිණෙන්නෙමි.. එතෙක් හන්තාන ආරණ්‍යයේ බලා සිටින්න සොඳුරිය..

Sung by: W.D. Amaradewa and Umaria
Music - Aruna Gunawrdana
Lyrics - Janaka Siriwardana
Lyrics - Janaka Siriwardana
Monday, April 13, 2015
පසුතැවීම...
මෙය මා ඇසු දුටු සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දකි. ඔහු මිලියනපතියෙකි..
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
තුරුණු මදෙන් සිත කැලතුන මොහොතක
පිපුණු මලෙන් රොන් ගිලගත් අඳුරේ
ඔබ සිත හඬනා සුසුමන් දුටු සඳ..
පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
දහස් පියලි අත ගැවසෙන රිසියෙන..
බමණ මතින් හිස පිරිහුණු යුගයේ
තොර කල අන් දිවි දැකුමෙන් වියරුව
පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..
සෑම සිරින් පිරිපුන් අද දිනයෙක..
සහස් පියලි අසරණ වූ ඒ මොහොතේ
පිපුණු බිලිඳු මල මිලිනව යනු දැක
පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..Sunday, April 12, 2015
ආගමික සහජීවනය ද? නැතිනම් ආගමික මූලය ද?
මක්කම
- බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්‍රී පාදය සලකුණු කර ඇත.
- මුසල්මානුවන් අදහන මෙය නබි තුමන් ගේ උපන් ස්ථානයයි
- හින්දුන් පවසන්නේ මෙහි "පෙට්ටිය" ඇතුලේ ඇත්තේ ශිව ලිංගයක් බවයි. (ශිව ලිංගය යනු විශ්වයේ ආරම්භයේ නියෝජනයකින් යුත්තකි)
ශ්‍රී පාදය
- බුදුරදුන් සිරි ලකට වැඩම වූ පසු ශ්‍රී පාදය සලකුණු කර ස්ථානයයි
- කිතුනුවන් මෙය ආදම් ගේ පාදය ලෙස සලකයි (මෙය විශ්වයේ ඇරඹුම සලකුණු කරන්නකි)
- හින්දුන් සිරි ලක සුර්ය වන්දනාව කල ප්‍රධානම ස්ථානයයි.. (සුර්යයා හින්දුන්ගේ සර්වාත්මය නියෝජනය කරයි)
කෙටි පොස්ටුවක් වුවත් හිතෙන දේ comment කරන්න
Subscribe to:
Posts (Atom)
කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු
කුවේණියේ මා තම්මැන්නා එනවා .... මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...

-
ඔන්න ඉතින් එකෝමත් එක රටක(ලංකාවේ නෙමෙයි) එකෝමත් එක ගමක(හොරණ නෙවෙයි) එකෝමත් එක ගෙදරක(අපේ ගෙදර නොවෙයි) සුනෙත් කියල මනුස්සයෙකුයි එයා ගේ අලුත ...
-
ගත පිරූ දාහය.. නිවෙයි අසුරු සැනින්.. හිරු දුටු කදෝපැනියෙකු ලෙද.. දුහුළු මලක මෙන් ම සිත.. සරයි ගගනත.. දකිනෙමි ම ගත... බිදී විසිරී අසරණව.. බ...