මේක ගීත විචාරයක් නෙවෙයි.සනත් නන්දසිරි මහත්මයාගේ යශෝධරාවත සමන් ලෙනින් මහත්මය ලස්සනට කියනවා ඇහුනාම මට මෙහෙම හිතෙනවා.!
අප අහල තියෙනවා ලස්සන ප්‍රේම වෘතාන්ත. රෝමියෝ ජුලියට්, මුම්ටාස් සාජහාන්, ක්ලියෝපැට්‍රා මාක් ඇන්තනි, දස්කොන් ප්‍රෙමිලා.. ඔය ලැයිස්තුව ලියාගෙන යන්න පුළුවන් වෙයි පොතක් පිරෙන්න. හැම රටකම සාහිත්‍යයේ සියුම් තැන් ඔය පෙම් පුරාවත් ස්පර්ශ කරනවා.
තව ටිකක් හිතුවොත් ඔය කතා හැම එකේ ම මොකක් හරි අමුතු "වෙනස්" රසයක් තියෙනවා. ඒ රසය මිනිස්සුන් ව අන්ද මන්ද කරපු හින්ද මිනිස්සුන්ට දැනෙනවා. ඒක දස්කොන් ගේ අසම්මතය වෙන්න පුළුවන්. මාක් ඇන්ටනි ගේ දැඩි කලකිරීම හින්ද ඇති උන ඛේදාන්තය වෙන්න පුළුවන්. රෝමියෝ ගේ "පැටලවීම" වෙන්න පුළුවන්. හැබැයි ඒ එක අවසානයක් වත් සුබදායක අවසානයන් වෙන්නේ නැහැ.
ඒත් මම දකින ලස්සන ම ප්‍රේම කතාව තියෙන්නේ බෞධ සාහිත්‍යයේ. විශේෂත්වය එය එක කතාවක් නොවී කතාවන් සිය ගානක් වීම. අනෙක් විශේෂත්වය, යමකු ඒ කතාවේ අවසානයක් දකිනවා නම් එය අවසානයක් නොවන අවසානයක් ම වීම. ඒ කතාව ඒ කතාවේ ම පැවැත්ම "නැති" කරනවා. අපගේ ප්‍රේමවන්තයා හා ප්‍රේමවන්තිය මරණය දුක නැතුව විමුක්තිය අවසානයේ උරුම කර ගන්නවා
ඔය බෞධ සාහිත්‍ය කතා ඇත්ත ද නැද්ද කියල තර්ක කිරීම මගේ අරමුණ නෙවෙයි. හැබැයි යශෝධරා සිදුහත් චරිත වල ගොඩ නගනවා ගුණයන් හතරක් සම සීල, සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා කියල. සමාන ශීලයකින්, සමාන ශ්‍රද්ධාවකින්, සමාන ත්‍යාගි සිතකින් හා සමාන ප්‍රඥයාවකින් යුතු පුද්ගලයන් දෙදෙනෙකුගේ බැදීම ඇත්තට ම ඉතාමත් ශක්තිවන්තයි. විවාදයක් පවතින්න බැහැ . එක් අයකු අනෙකාව තේරුම් අරන් සිටිනා තාක් කල් ඒ බැදීම කඩන්න කිසිවකුට හැකියාවක් නැහැ.
එහෙම අය දුරින් හිටියත්, කතා බහ නැතුවත් එකිනෙකාව තේරුම් ගන්නවා. හේතුව ඒ අයගේ අවසන් අරමුණ පැවසුවත් නැතත් එකම දෙයක් ("විමුක්තිය") හින්ද වෙන්න ඇති.
එවැනි බැදීම් මරණින් මතුව පවතිනවා. එහෙම අය සසර ගමනේ දී ඔබට මට හමු වෙලත් ඇති. ඉස්සරහට හමු වේවි.
මට දැනෙන හැටියට ඒ ප්‍රේමය සාම්ප්‍රදායික විවාහයක් විය යුතුම නැහැ. යම් දෙදෙනකු ඒ සිව් ගුණයන් ගෙන් යුතුව එක ගමනක් යනවා නම්, "මට සාපේක්ෂව" ඒකත් "ප්‍රේමයක්". එතන අයිති කර ගැනීමට වඩා එක්ව ගමනක් යාම ප්‍රමුඛ වෙන්න ඕන. එහෙත් එහෙම සබදතා අප වෙසෙන සමාජයෙන් සැගවිය යුතු වන බරක් නොවිය යුතුයි. යමකු රහසක් නොවන යහපත් ප්‍රාර්ථනා පැහැදිලි සිතින් කරනවා නම් ඒවා ඉටු වන එක විශ්වයේ ස්වභාවයක් වගේම මා වෙනත් ක්ෂේත්‍රයක කල පරීක්ෂණයකදී පුද්ගලිකව අත්දුටු දෙයක්.
ඔබ විමුක්තිය සොයන්නකු නම් ඔබ අර ගුණ ධර්ම හතර වර්ධනය කර ගැනීමට පුළුවන් "පෙම්වන්තියක වන්තයකු" සොයා ගන්න. ඒ ප්‍රාර්ථනාව කරන්න. අනාගත සිදුහත් යශෝධරා ප්‍රේම වෘතාන්තය ඔබට නැවත ලියන්න හැකි වේවි දවසක.
යශෝධරා!
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා!
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යලි ඇවිදින් මේ දෙස
යශෝධරා!
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යශෝධරාවත