කුවේණියේ මා තම්මැන්නා එනවා ....
මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ දේ දැන සිටියා නම් කියනවා ඇත්තේ මෙහෙම
"නිරිඳුන් නුබේ…ආලේ නිසා
බෝ විපතක් වෙනා..නොවඩින් සදා…
මතු භවයේ මා..හමුවන තුරා…
ආලේ පසෙක ලා…හිඳිමි මෙමා…"
මේ ගීතය ඇසුවා ම මට මෙහෙම හිතුන. ඇත්තට ම කුවේනියට වෙන්න ඇත්තේ කුමක් ද ?
ගැහැණිය "වෛශ්‍යාවක්" කරනුයේ අපේ සිත තුල සිටින සාම්ප්‍රදායික "සලෙලකු" කියන එකට උදාහරණයක් විජය කුවේණි ඉතහාස කතාව.
කුවේණිය පිළිකුල් කල යුතු යක්ෂ කාන්තාවක් ද ජාතියේ ආරම්භක පුරුක ද කියන දේ අප ගැහැණිය අපට සාපේක්ෂව දකින කෝණයක් පමණයි. මට නම් කුවේණිය තමන් ගේ පෙම්වතා වෙනුවෙන් ජීවිතය කැප කරපු ගැහැනියක්. මේක නිවැරදි කතාව ද කියන එක අදාළ නැහැ. මේක මගේ පරිකල්පනය.
කුවේණිය කපු කටිමින් සිටි ඉතා රූමත් කාන්තාවක් හින්ද විජය ආදරය කරා වෙන්න බැරි ද? පිරිමියකු ගැහැනියක හා ආකර්ෂණය වන එක එක ක්ෂණයකින් වෙන දේ අදහා ගන්න බැරි සාම්ප්‍රදායික පිරිමියා ඇයව වෙස් පෙරලන යක්ෂ කාන්තාවක් බවට පෙරලනවා. ඒක පුරුෂ මුලිකත්වය හේතුවෙන් වුනු දෙයක් ද සාම්ප්‍රදායික රචකයාගේ ලිංගික කුහක කම නිසා උණු දෙයක් ද කියන එක පැහැදිලි නැහැ.
කුවේණිය ඇත්තට ම විජය ට ආදරය කිරීම ඒ සාප්‍රදයිකත්වය එරෙහි ව අරගන තිබුණු රැඩිකල් පියවරක්. එතැනදී කුවේනියට විරුද්ධ වූ අය විජය සමුලඝාතනය කරා වෙන්න බැරි ද? ඕනෑම ආදරවන්තයකු තමා වෙනුවෙන් මේ සා කැපකිරීමක් කරපු ගැහැණිය ව ආරක්ෂා කිරීම ස්වාභාවිකයි මට දැනෙන හැටියට. එතැනදී සමහර විට කුවේණිය විරුද්ධ වෙන්නත් ඇති. සතුරන් මැරීම විජයගේ ක්ෂත්‍රිය ධර්මතාවයක්. අපේ රචකයා ගැහැණියට වරද පටවා ඇය තමන්ගේ පරපුර විනාශ කල යක්ෂණියක ලෙස හංවඩු ගැසීම සාධාරණ වන්නේ ද?
විජය ගේ වෙනත් බිසවක් ගෙන ඒම හා ඒ හරහා කුවේණිය ව අසරණ වී දරුණු මරණයක ට පත් කිරීම මට තෙරෙන හැටියට නම් අතිශය සාහසික ප්‍රකාශයක්. ඔතන තිබෙන්නේ අපේ රචකයා කුවේණිය කෙරෙහි ඇති කරවූ වෛරය ට ඇයවම ගොදුරු කරවා විනාශ කර කුරිරු තෘප්තියක් ලබා ගැනීමක්. මගේ පරිකල්පනය වෙනස්!. විජය රාජ්‍ය සම්ප්‍රදායට අනුව වෙනත් බිරිදක් ගෙන ඒම මට නම් පුදුමයක් නෙවෙයි. එතැනදී අපගේ කතා නායිකාව ඔහුට තිබු අසීමිත ආදරය නිසා අර බිරිද ට විරුද්ධ වෙන්න ඇති. එතැනදි ඇය විජය හැර ගියා වෙන්න ඇති.
කුවේණිය ගේ ශාපය හරහා අපේ රචකයා මුළු ස්ත්‍රී වර්ගයාට ම අපහාසයක් කරනවා. ! එතරම් ආදරය කරපු අයකු ශාප කර නොහැකියි මට අනුව. ඔව් ඇය දුකින් හඩා වැටෙන්න ඇති. නමුත් ඒ කියූ දෙය ගැන අදහසක් අපට නැහැ. ! එක දෙයක්. කවුරු කොහොම තර්ක කරත් හිතට දැනෙන්න ආදරය කර කෙනෙකු ට වෛර කිරීම කල නොහැකියි. තමන් මොන තත්ත්වයක සිටියත් තමන්ගේ ආදරවන්තයා විනාශ වෙනවා හිතට නගා ගන්න හැකියාවක් නැහැ මට සාපේක්ෂව. එය ශාපයක් නෙවෙයි. වියෝගයෙන් නැගුනු ශෝක ගීතයක් අර හංස ගීතය වගේ. ඇය මිය යන්න ඇති අර හංස ගීතයේ ආදරවන්තය මැරුණු ශෝකයෙන් මිය ගිය හංසයා වගේ.
මට සාපේක්ෂව අම්බපාලියත්, කුවේනියත්, මගේ මවත් මිනිසුන්ගේ දුක දැකපු, දුක තුනී කරලා සතුටක් ලබා දුන්නු ගැහැණු එකිනෙකට වෙනස් කෝණ වලින්. ඔය තුන් දෙනා ගේ ම පොදු එකම ගුණයක් මම දකිනවා. ඒ තුන් දෙනා ම චේතනාන්විතව තව පරපුරකට ශාපයක් දුකක් වෙලා නැහැ. ඒ ගැහැනුන් ගේ හර්ද සාක්ෂිය ඒ වෙනුවෙන් පෙනී හිටිනවා ඇති. නමුත් අපේ ඉතිහාස කතෘ වරයා කුවේණිය ජාතියට ම ශාපයක් කරලා!
(සත්‍ය කතාව මගේ කතාව වත් රචකයාගේ කතාව වත් නොවී ඒ අතර මැද සිදුවීම් පෙළක් වෙන්න පුළුවන්. ඒ කතු වරයා කුවේණිය කළු චරිතයක් කියන අන්තයේ සිටියදී මම ඇය සුදු චරිතයක් කියන අන්තයේ ඉන්නවා. හේතුව හැමෝම වගේ ම මම කැමති වෙන්නේ මගේ හිතේ තියන දේ එළියේ දකින්න.)