Tuesday, August 27, 2013

මිතු දම යනු මෙය ද?

මෙය ඉතාමත් පුද්ගලික පෝස්ටයක් ලෙස යමෙකු ට සිතිය හැකිය. නමුත් කරුණු නැවත නැවතත් සලකා බැලීමෙන් පසු, මෙහි ඇති ගැහැණු චරිතයට හානියක් නොවන අයුරින්, ඇය හඳුනා ගත නොහැකි අයුරින් මෙය පල කිරීමට සිත් විය. සමාජ සබදතා හා සමාජය අසම්මත යැයි සලකන එහෙත් සම්මත මානුෂිය බැදීම් අතර ඇති වන ගැටුම් යම් තරමකින් මෙහි විග්‍රහ වේ යයි මට දැනේ.

නිදහස් මනසකින් මා හට සිදුවී ඇත්තේ කුමක් දැයි මම සිතා බලමි. සිතට සිතුවිලි අපිලිවෙලින් ගලා එයි. මම කෙසේ හෝ එම සිතුවිලි එකක් පසු පස එකක් ගලපා ගැනීමට තැත් කරමි. එය කෙතෙක් දුරට සාර්ථක වේ දැයි මට සැකයක් උපදී. නමුත් මෙසේ ලිවීම හැරුණු කොට, මා හට වෙනත් විකල්පයක් නොමැත්තේ මය. මෙහි තාර්කික ඇසකින් බලන්නෙකුට නොගැලපීම්, සිය අදහස් සියතින්ම බිදීම් දකින්නට හැකිවනු ඇත. වියවුල් වූ මනස තර්කය ට ගෝචර නොවේ යන්න මගේ හැගීමයි.

මෙහිදී, යම්කිසි දිනෙක ඔබ මෙය ඔබ කියවන්නේ නම්, මෙය මා ඇරඹුමේදී ම පැවසිය යුතුය. මා ඔබ ගැන දරනා ආකල්පය, එක පාර්ශවීය ලෙන්ගතු කමක් (crush) හෝ යෙහෙළියක ගෙන් බලාපොරොත්තු වන මිතු දමක ට වැඩි යමක් (friends plus benefits) නොවේ. එය මා නොබියව හා පැහැදිලිව මෙසේ ඇරඹුමේ දී සඳහන් කිරීම ඔබට මෙය අපහසුවකින් තොරව කියවීමට රුකුලක් වන බව මට සිතේ.

මම ඔබව හඳුනන්නේ වසර ගණනාවක සිට නොවෙයි. මාස 6ක පමණ කෙට් කලක සිට ය. ඔබ නොබිය ව සත්‍යය පවසන විවෘත චරිතයක් බව අප පවත්වන ලද සම්මුඛ සාකච්ඡා හරහා මට නිරික්සිය හැකි විය. රාජකාරිමය වශයෙන් මෙවන් පුද්ගලකු අපගේ කුඩා කණ්ඩායමට එක් කර ගැනීමට මම යුහුසුළු වීම සාධාරණ ය.

පුද්ගලයකු වශයෙන්, ඉතා කෙළිලොල් බැරෑරුම් නොවන චරිතයක් ලෙස ම විසින් හඳුනා ගත් ඔබ, එසේ නොවන්නේ යැයි යැයි ම හට මුලින් ම හැගී යන්නේ, ඔබද මා ද දන්නා අහඹු සිදු වීම වන ඔබගේ අන්වර්ථ නාමයෙන් යුතු බ්ලොග් අඩවිය මට හමු වීමයි. ඔබ කෙතරම් බැරෑරුම් සංවේදී චරිතයක් දැයි එම ලිපි හරහා නිතැතින් දැනී යයි. (සමාවන්න, ඔබ යමෙකු එසේ පැවසීම පිළිකෙව් කරන බව මම දනිමි. එහෙත් මා ඒ හරහා දුටු සත්‍යය එයයි) ඔබ ඔබගේ පෙම්වතාගෙන් කරන ලද යාදින්න, ඔහු අලුයම ලූ කෙල පිඬක් මෙන් ඉවත ලා නිහඬව සිටීම, මා දුටු ඔබගේ වෙන් වීමයි. ඔහු ප්‍රතිචාර නොදැක් වන බව ඔබ කී දින, මා නිහඬව සිටිය ද මා එහි අවසාන දුටුයෙම්. ඔබ ඔහු වෙනුවෙන් දිගින් දිගටම ලිපි ලියා යැවීමට ඔබ කෙරෙහි තිබූ අප්‍රතිහත දිරිය මම අද ද අගය කරමි.

ඒ සමග ම ඔබ තුල පුද්ගලයන් කෙරෙහි පළමු හෝ දෙවන හමුවීමෙන් පසු ඔබ විසින් ඔහු/ඇය කෙරෙහි කළු/සුදු වශයෙන් ඇති කර ගන්නා ආකල්ප මම විවේචනය කලෙමි. අදට ද,පුද්ගලික ජීවිතයේදී එම හැකියාවෙන් නොපොහොසත් වීම හරහා ඔබ මුහුණ දුන් ගැටළු ඔබ දනී. 

ඔබ ඔබගේ shit සහ ok mode අතර දෝලනය වී අතර මැද නොනැවතීම පිලිබඳ ඔබගේ දිවිය හරහා උදාහරණ ගෙනෙමින් තර්ක ගොඩනැගුව ද ඔබගේ ස්ථාවරය මත ඔබ පැවතීම ඔබගේ හැකියාව බව මම දකිමි. ඒ හරහා මතු වූ අනේක ගැටළු ඔබ පසු තවීමකින් තොරව විද දරා ගැනීම, පිටතින් බලන්නෙකුට “විකාරයක්” ලෙස තේරුම් ගිය ද, මා මෙහි දි ඔබ ඔබගේ ස්ථාවරය මත සිටීම අගයමි. එනම් තමන් ගන්නා ලද තීරණ වල වගකීම තමන් විසින් ම දැරිය යුතුය යන්න ය. එමෙන් ම, ඔබ වරින් වර මා හට එම මග අනුගමනය කිරීමට දෙන උපදෙස් වලින් මා ධෛර්යය ට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එවන් උපදෙස් මා ඔබෙන් ඉදිරය ට ද නිරතුරු ව බලාපොරොත්තු වීම මගේ හෝ ඔබේ වරදක් ද?

එවන් මිතුරෙකු ගේ දුක සැප සොයා බලා ඔහු/ඇය වෙනුවෙන් හැකි ප්‍රති උපකාරයක් කිරීම වරදක් වන්නේ කෙසේද? මා හට උපකාර කල අයෙකුට පෙරලා හැකි අයුරින් උදව් කිරීම මගේ යුතුකම ලෙස සැලකීම මා උගත් ක්‍රමයයි. මා ඔබ ගැන ඔබට ද මල කරදරයක් වන ලෙස සොයා බැලීමේ, කලබල වීමේ හේතුව ද එයම වෙයි.

ඔබ මා කෙරෙහි දක්වන ලද විවේචන, නොවලහා හෙළි කිරීමට පැවසීම ට තරම් ඔබ කෙරෙහි මිතුරෙකු ලෙස විශ්වාසවන්ත වීම වරදක් වන්නේ කෙසේ ද? එය අවංක අදහසකින් කරන ලද ඉල්ලීමක් බව ඔබ ද මා ද දනී. නමුත් වෙනකෙකුගෙන් එවන් අවංක ප්‍රතිචාර නොලැබෙන බව මම අදට ද විශ්වාස කරමි. ඔබ කෙතරම් “දරුණු” ලෙස එය පැවසුව ද මම සැම දින එය අගය කරමි.
 එවන් මිතුරෙකු දුරස් වීම හැගීම් දැනීම් ඇති මිනිසෙකු ලෙස ඉවසිය හැකි වේද?

නමුදු, එසේ අන්ත දෙකක ඔබගේ නිගමනයන් වල ට රැඳීමට ඉඩ දීම, අදට ද මට ගැටලුවකි. එය බුදු රදුන්, මද්‍යම ප්‍රතිපදාව හැර දා අත්තකිලමථානුයෝගය වැළද ගැනීමක් වැන්න. (මෙතන ට අදාළ නොවුව ද මා එය පැවසිය යුතුව ඇත )
එවන් මිතුරෙකු ගේ දුකක් වේදනාවක් දුටු විට මා හට නොදුටු සේ සිටිය හැකිද ?

ඔබ ඔබගේ පෙම්වතා හා සමග ඇති වූ ගැටළු වලට මා හට හැකි අයුරින් මා උපකාර කරන ලද්දේ ඔබ දුක්මුසු ව බලා සිටීම මා හට දරා ගත හැකි නොවූ නිසාමය. මා දිගින් දිගට ම ඔබගෙන් ඒ පිලිබඳ ඇසුයේ එහෙයිනි. එය මා හට උපකාර කරන මිතුරෙකු මෙලෙස වික්ෂිප්තව බලා සිටිය යුතු නොවේ යන හැගීම මත පදනම් වුවක් මිස අනෙකක් නොවේ. එය ද ඔබට හිතකර නොවන අයුරින් පුද්ගලික ව බල පෑ බව මට සිතේ. සංවේදී දෑ කෙරෙහි හැගුම් බර වීම මගේ ගැටලුවකි. එය ඔබගේ ගැටලුව මා ගේ සේ සැලකීම ට තරම් සංවේදී වීම මා අද ද පීඩනය ට ලක් කරයි. එය මාගේ චරිත ස්වභාවය යි. එය සමාජය පවසන පරිදි crossing the line මට්ටම ට පත් වීම බිළිබඳ අද ම සිත මට දොස් නගයි. එසේ නොවුයේ නම් අද ද ඔබ මට පෙර පරිදි මිතුරෙකු ලෙස කථා කරනු ඇත.
එහෙත් මෙවන් මානුෂීය බැදීම් මිනිසුන් අතර ඇති විය නොහැකි ද?

 කාලය සෙමින් ගෙවී යයි. මා පුද්ගලික ගැටළු රාශියකින් පෙළෙමින් සිටින විට, මා හට ඔබ සිහි වීම ඉහත කරුණු හරහා මම සාධාරණීකරණය කිරීමට අවංක ලෙස උත්සාහ කරමි. එය මා ගිරවකු ලෙස කිසිදු චකිතයකින් තොරව කියවා ගෙන යෑම සහ ඔබ ඉතා සාවධානව ඇහුම්කන් දී ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම මගින් මගේ ගැටළු විසදීමට උදව් වීම මා කෙසේ නම් අමතක කරන්න ද? එමෙන්ම, එලෙස පැය ගණනක් දිගු වූ අපගේ දිවා ආහාර කාලය සමාජයට ගැටළුවක් වීම මගින් ඔබ පත්වූ අපහසුතාව මා කෙසේ අමතක කරන්න ද.? සත්‍යය නම්, මට ද වැඩියෙන් මගේ ප්‍රශ්න සංවේදී ලෙස විශ්ලේෂණය කිරීමට ඔබ ක්‍රියා කිරීම, මා ඔබගේ ගැටළු වෙනුවෙන් මැදිහත් වීම හා යම් තරමකින් හෝ සමාන වීමයි. එය යහපත් මිතු දමක් හැරුණු කල, අනෙකක් නොවන බව මාගේ අවංක සිතුවිල්ලයි.
එවන් මිතු දමක්, අහිමි වන තෙක් මට බලා සිටිය හැකි වේද?

විටෙක ඔබ සමග ගැටුම් ඇති කරගනිමින් පවා මා ඔබ ගැන සොයා බැලුවේ ඔබ අපහසුතාවයට පත් කරන අරමුණින් යැයි ඔබට සිතුන ද, ඔබ ගැටළු වලින් හැකි පමණ ආරක්ෂා කර ගැනීම මා කල යුතුය යන සිතුම මා තුල හොල්මන් කිරීමට වීම එයට සැබෑ හේතුවයි. එය ඔබට නුරුස්නා බව මම දනිමි. එය මා ඔබ කෙරෙහි මා දක්වන ලෙන්ගතු (intimate) ආකල්පයක් නොවන බව මගේ සිත දනී. සමහර විටෙක, එය මගේ ජීවිතයේ සහෝදරියන් නොමැති වීමේ අඩුව පිරවීමට මනස විසින් යොදා ගන්න ලද අස් බැඳුමක් විය හැක. එවන් දේ තර්ක බුධියට හසු නොවේ.
තත්වය මෙසේ හෙයින්, මෙම සිදුවීම් මාලාව අප කණ්ඩායමේ අයට කුතුහලයක් ඉපිද වීමට සමත් වීම ස්වභාවිකය. එය මා මුලදී නිරීක්ෂණය නොකිරීමට හේතුව මාගේ සමාජයීය බුද්ධි හීන භාවය නොවෙයි. මෙවන් උගත් පුද්ගලයන් පටු අයුරින් සමාජය දෙස බලාවි යැයි මට නොසිතීමයි. එය අසාමාන්‍ය සේ ඔබට සිතීමට ඇති ඉඩ පිලිබඳ මම ප්‍රශ්න නොකරමි.

එය අතීතයයි................... වර්තමානය සියල්ල කන පිට පෙරලීමට සමත් ව ඇත.


  • අද ඔබ මා හා තනිව අහර ගන්නා විට දී පවා ඉතාම අපහසු තාවයට පත්වන අයුරු ඔබම පවසයි. එසේ නොපවසුවද එය මට හොඳින් දිස්වේ.
  • ඔබට මා අමුතු පුද්ගලයෙකු සේ සිතෙයි. මා සිටිනා තැන අන් අය, සමග පවා ඉතා පරිස්සමින් වචන අමුණමින් කථා කරයි.
  • මා විසින් ඇති කරන ලද ගැටළු ඔබ පසු පස හඹා එමෙන් සියල්ල එපා වූ ලෙස හැසිරෙයි. 
  • මා ඔබ කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කරන්නෙකු, ඔබගේ නිදහසට බාධා කරන්නෙකු ලෙස ඔබට හැගේ.
  • ඔබ සමාජයෙන් ඇති වන බලපෑම් හේතුවෙන්ම, මා සමග සාකච්ඡාවකට ඒමට පවා මැලි වෙයි. මා ඔබ හා කරන කතා බහේදී මට පවා කරුණු ගොනු කර ගැනීමට තරම් සිත නිසල නැත. (මෙය ලිවීමට ආසන්නම හේතුව, මට මා තේරුම් ගත යුතු බැවිනි)
මා ඔබ හා පැවසු පරිදි, සත්‍යය නම්, මගේ පුද්ගලික ගැටළු රැකියා ස්ථානයේදී පවා මට මතක් වනුයේ, ඔබ හා සමග කථා කිරීමට ද ඇති ඉඩ කඩ දැන් ඇහිරී ඇති බැවිනි. ඔබට ද එයට කල හැකි යමක් නොමැති බව මට පැහැදිලි ය. මේ හේතුවෙන් මා නොසලුනේ යැයි කියන්නේ නම් එය බොරුවකි.නමුත් ඔබ , ඔබ ගත් තීරණයේ නොසැලී පසු නොතැවී සිටීම මට පුදුම උපදවයි. මට ද එසේ විය හැකි නම් මේ මොහොතේ මා මෙය අකුරු නොකරමින් සිටිනු ඇත.

මා ඔබ හා crush එකක් වන්නක් තිබුනේ නම් මට what the hell යනුවෙන් සිතා හිත හදා ගත හැකිව තිබුණි. නමුත් පෙර පැවසු පරිදි ඔබ කෙරෙහි මා තුල පවත්නුයේ, එයට ඉඳුරාම වෙනස් මනුශේය බැදීමක් බව මට ද අද දින පැහැදිලි වන විට, ඔබ ඔබගේ තීරණයේ ස්ථාවරත්වයක සිටින බව මම දකිමි. එහි අන්තයටම ගොස් ඔබ රැකියා ස්ථානය හැර දමා යාමට පවා සිතමින් සිටී. එහෙත් එසේ ඔබට වීම සිදු නොවිය යුත්තක් බව මගේ හැගුමයි.

 මම නික්ලේශී රහත් පුද්ගලයකු නොවුව ද, කවුරුන්, කෙසේ පැවසුව ද මා ඔබ ව.............

  • කිසි ලෙසක අයිති කර ගැනුමට සිහින මැවුවේ නැත. ඔබ ගැන වැරදි ඇසකින් බැලීමට තරම් නරුම සිතක් මා තුල නැත. ඉදිරියටම එය එසේම ය.
  • ඔබ ව සතුටින් තැබීමට හැකි පමණ උත්සාහ දැරීමි.
  • ඔබගේ දුකෙහිදී ඔබ නොදන්නවා වුවද දුක් වුනෙමි. ( ඔබ එය බලාපොරොත්තු නොවීම වෙනකකි ).
  • ඔබට මහා කරදරයක් ලෙස සිතෙන අයුරින් ඔබ සමග කථා කලෙමි. විවිධ දේ ගැන ඔබට නිදි මත දැනෙන තුරු සුහදව කථා කලෙමි.
  • මම සමහර විටෙක මා ගැන පවා නොසිතා ඔබගේ යහපත ගැන සිතීම (ඔබ බලාපොරොත්තු නොවුවද) ඔබ විකාරයක් සේ දුටුවද මට එය සිතට එකගව නොකර සිටිය නොහැක.
මම ඔබට විටෙක මිතුරියක ලෙස ද, විටෙක මගේ ම සොයුරියක ලෙසද, ගැටළු පැන නැගුනු ඇතැම් විටෙක ඔබ මත යැපෙන (dependent) කුඩා දරුවකු ලෙස ද හැසිරුණු බැව් ඔබ ද මාද දනී. එහෙත් එවන් මිතු දමක් මෙලෙස පලුදු වීමට හැරීමට මට සිත් නොදේ. අද දින ඔබ මා හා bye කීයා සමු දීමට පවා නොහැකි ලෙස ව්‍යකුලත්වයකට පත්ව සිටි අයුරු මම දුටුවෙමි.

මා දකින පරිදි ජීවිතයේ සෑම මිනිසෙකුම තමන් සතුව නොමැති යම් කිසි අඩුවක් පුරවා ගැනීමට දිව යයි. මා සොයන එම අඩුව ඔබ විසින් යම් පමණකට ඔබ දැන හෝ නොදැන පුරවා දී ඇති බව ම සිත කීම මට ඔබෙන් සැගවිය යුතු නැත.නමුත්, එදෙස කිසිවෙකු පටු ඇසකින් නොබැලිය යුතුය. දැනුදු මා ඉතා වගකීමෙන් කියනුයේ, මා හට පෙර සේ, නමුත් සමාජ සම්මතයනට ගරු කරමින්, ඔබ හා මිත්‍රශීලීව කටයුතු කල හැකි බවයි. 

අද ද, සිය සුරතල් බලු පටවා නැතිව හඬමින් සොයන කුඩා දරුවකු ලෙසින්, මම ඒ නැතිවූ මිතුදම සොයනෙමි. මෙය මාගේ බොළඳ ප්‍රකාශයක් නොවේ. මෙය මට සත්‍ය වශයෙන් ම සිතෙනයුරුය.


Thursday, August 22, 2013

ඔන්න ඕකයි ඉතින් පිරිමින්ගේ SIZE එක (18+?)



Penis Size Distribution in the World

ඔන්න ඉතින් කාලෙකින් හොඳ සිතියමක් ලැබුන. ඉතින් පරිනත වෙච්චි අපි වගේ අය මේ සුහුම්බුලන්ට උපදේශයක් දීම සමාජයේ යහ පැවැත්මට හොඳ සමාජ සේවයක් නේ. මම ඉතින් සිතියම් විශ්ලේෂණය හදාරලා නැහැ. හැබැයි මටත් පුලු පුළුවන් හැටියට ඔන්න මට හිතෙන දේ ලියනවා.


පිරිමි ළමුන් ට උපදෙස්

  1. හිත හදා ගන්න: මෙය ඔබටම අදාළ ගැටළුවක් නොවෙයි. ඉන්දියාවේ, චීනයේ අයට ද පොදුය
  2. මේ දවස් වල බලන ෆිල්ම් වල රඟපාන්නේ american,mexican පොරවල් ය. ඒ ඔවුන් ගේ අවයව වල හැටිය
  3. bolviya, sudan වල වගේ කෘත්‍රිම ක්‍රම හොයන ලොකු කර ගැනීමට උත්සාහ නොකිරීම නුවනට හුරු ය
  4. 11cm නම් සතුටු වන්න. 11+ නම් ඉතා සතුටු වන්න. 
  5. මතක තියා ගන්න. මෙය මැන ඇත්තේ උපරිම දිගක් පවතින අවස්ථාවේදී බව.
  6. ගොඩක් අවුල් වගේ නම් ගැහැණු ළමයට shape එකේ සිතියම පෙන්වා ලංකාවේ හැටි කියා දෙන්න. ඒ වගේම බන කතාවක් මෙන් size doesn't play a role කියා පවසන්න.වැරදීමකින් වත් step 2 පෙන්වන්න එපා ය.
  7. ඕස්ට්‍රේලියාවේ ලොකු percentage එකක් සිංහල අය ඇත. එහෙත් එය ඇත්තේ අපටත් වඩා ඉදිරියෙන් ය. නමුත් ඔස්ට්‍රලියාවට ගිය පසු දිග වැඩි වේ යැයි සිතීම වැරදි ය.
  8. හැකි නම් colombiya අයකු හා FB එකේ chat එකක් දමා රහස දන ගෙන මෙතන comment කරන්න. සමාජ සත්කාරයකි.

ගැහැණු ළමුන් ට උපදෙස්

  1. හිත හදා ගන්න: සිංහල කොල්ලෙක් බඳිනවනම් ඔබ මේවට පුරුදු විය යුතුය.
  2. වැරදිලා වත් දැකපු ෆිල්ම් එකක ඔය අවයවය ඔබගේ අවයවය ට නොගැලෙපෙන බව මතක් කර බිය වන්න.
  3.  size doesn't play a role යන වැකිය මෙනෙහි කරන්න.
  4. මුදල් වය කර මේකටම ඕස්ට්‍රේලියා ගොස් සිංහල කොල්ලෙක් සොයා නොගන්න. ඉලක්කමින් කුමක් කීව ද, ඔවුන් ලංකාවේ හැදුන උන්ය.
  5. හැකි නම් greenland කොලුවකු හා හාද වන්න. එහි පිරිමි ජනගහනය 33000 ක් පමනි. ඒ නිසා ඉතා අඩු variance එකක් බලාපොරොත්තු විය හැකිය. ප්‍රමාණය අඩුත් නැත, වැඩිත් නැත. කියාපු size එකය.
  6. පුරාන ක්‍රමය ට පිට කෑලි බලා ඇතුලත අවයවය උපකල්පනය නො කරන්න. උපකල්පන ය කලද ඉහත සිතියම අනුව 12 වීම ඉතාමත් දුර්ලභ ය.
මෙහි කුමක් සඳහන් වුව ද මට නම් සිතෙන්නේ, මෙය අපගේ සිංහල ජාතිය කිච කිරීමට, බටහිර බලවේග විසින් අටවා ඇති උගුලක් බවය. ස්කන්දිනේවියානු රටවල් ඔවුන්ගේ ඉලක්කම වැඩි කර අපිව මානසිකව වැට්ටීමට කරන ලද්දක් විය හැක්කේ එම ගොඩේ norway ද සිටින නිසාය.

අපට නැවත සංගණනයක් කර මෙය වැරදි බව ඔප්පු කල හැක. ඒ නිසා ගැහැණු ළමුන් තමන් දුටු ලාංකීය අභිමානයේ size එක දල වශයෙන් comment කරන්න.ඔබ දැක ඇති size එක උපරිම size එක බැවින් නිරවද්‍ය වේ.

පිරිමි ළමුන් shape එකේ tape එකක් ගෙන මැන ඉලක්කම පොස්ට් කරන්න. මතක ඇතුව දිග උපරිම වූ විට මැනීමට වග බලා ගන්න.

සිංහල ජාතිය මෙම විපතින් බේරා ගැනීමට එකා මෙන් ලිංග භේදයෙන් තොරව නැගී සිටින්න.


තව උපදෙස් පවතී නම් ඉදිරිපත් කරන්න පසු බට නොවන්න.

Monday, August 19, 2013

මුට්ටිය කුඩු කර ගැනීම - 2

මෙය මුට්ටිය කුඩු කර ගැනීම - 1 හි දිගුවකි. මෙය ලිවීමට මෙතෙක් ඉඩ හසරක් නොතිබීම හේතුවෙන් රස වින්දනයට වූ බාධාව පිලිබඳ පාඨකයෝ කමත්වා.

සඳුදා හිමිදිරිය.

මුට්ටියා උදේ කෑමට පෙර දෙවියන් ට ස්තුති කිරීමේ යාඥාව අවසන් කරයි.

ඩීප් සිය දැල එලීමට කල් යල් බලමින් මන්තිරිය සමග කාමරයට පැමිණ බලා සිටියි.

"අඩෝ අද stats ලෙක්චර් එකට යන්නේ නැද්ද?" ඩීප් මුට්ටියා ගෙන් අසන්නේ සඳුදා උදේ පාන්දර ඔය ලෙක්චර් එකට බල්ලෙක් වත් යන්නේ නැති බව දැන දැන මය. එය සංවාදයට ප්‍රවිශ්ටයයි.

"ආ නිම්මි ගෙන් note එකක් ඉල්ලා ගන්න බැරිය" මුට්ටිය පිළිතුරු දෙයි.
මුට්ටියා ගැන බැචීලට ඇත්තේ විශ්වාසය මුසු ගෞරවයකි. එය ද මන්තිරියට දිරවන්නේ නැත.

"යකෝ මුට කෙල්ලෝ දීගන යන විදිහට අපිට chance තිබුණ නම්, අපි ගොඩේ ගොඩ. කොහෙද ඉතින් මුට අතට එන එක කටට දා ගන්න පින නැති හැටි"

"ඔව් ඉතින් උඹ බඩු කාරය කියල බැච් එකම දන්නා එකේ set උනොත් ඔහොම ever-ready කෑල්ලක් තමයි"
මුට්ටියා කැත්තට පොල්ල මෙන් පිළිවදන් දෙයි. මන්තිරියගේ වත්මන් කරත්තය හැම කඩේකම නවත්වා තොග මිලට බඩු විකිනූ එකක් බව බැච් එකටම නොරහසකි.

ඇසක් ඉඟි මරා ඩීප් මන්තිරියට කලබල නොවන ලෙස සන් කරයි.

"අඩේ එක නෙවෙයි අද නවය වෙද්දී කොහොම හරි computer lounge එකේ බූකිංග් එකක් දා ගන්න ඕනෙ" ඒ මන්තිරියාය.

ඒ කල සීමිත පරිගණක (6ක් හෝ 7ක්) භාවිත කිරීමට කුසපත් ඇදීමක් කරයි. වාසනාවන්තය ට පැයක් පරිගණකය භාවිත කල හැක. විටෙක yahoo page එක load වීමටම විනාඩි 10ක් ගතවේ. ( ඒ කාලයේ google තිබුනේ නැත )

"ඒ මොකද බන් ඒ" සියලු වාද භේද අමතක කල මුට්ටියා උපන් කුතුහලයෙන් විමසයි.

"මුට්ටිය කියල වැඩක් නැහැ බන්. ගිය සතියේ මට set උන ඉස්කෝලෙන් අස් වෙච්ච bridget එකේ කැල්ලක්. yahoo chat room එකකින්. එකී ෆොටෝ වගයක් එවල තිබුන, බලන්න එපාය බන්, butter වගේ
පාට කෑල්ල. අනික් අවයව ටිකත් අඩු නැතුව පිහිටලා තියෙනව. ඒක මතක් වෙනකොට රෑට මගේ අම්මෝ මහන්සියටත් එක්ක මලා වගේ නින්ද යනවා."

"ඔව් බන්, පිස්සු හැදෙනවා එක දැක්කහම. මූ computer special එකක් කරනවා කිව්වහම, එකී නිකම්ම වගේ වැටුන, මොකද ඉතින් බැඳලා නඩත්තු කරන්න කියල ය" ඩීප් පොහොර දමයි.

 ඒ කාලයේ yahoo chat room වල කට්ටිය date කිරීම සුලභ කරුණකි. අද මෙන් නොව ඉතා ඉහල සමාජ මට්ටමක හෝ මුදලෙහි වටිනා කමක් නොදන්නා ගැටිස්සියන් හා ගැටයන් මෙහි log වීම නිරික්සිය හැකිය. අප වැනි මධ්‍යම පාංතික ශිෂ්‍යයන් හට chat කිරීම ට අවකාශ සැලසෙනුයේ ඉතාම විරලවය. එය ද විශ්ව විද්‍යාලයේ පරිගණක පාඨමාලා හදාරුවොත් පමණි.

මගේ රුපියල් පන් සීයයේ ඉරණම ගැන සිතමින් මම නිහඬ වෘතය රකිමි.

"මුට්ටියා, අපි ට්‍රය් කරලා බලමු කො. නවීන තාක්ෂණයේ ඵල නෙලා ගන්න" ඩීප් හඬ අවදි කරයි.

"ඔව් වොව්, එක තමයි උඹල පෙරෝන රෙද්දේ මුළු ලෝක සිතියම ම print වෙලා තියෙන්නේ. උඹලගේ මහන්සියේ ප්‍රතිඵල තමයි. අනේ මගෙන් කුණුහරුප අහන්නේ නැතුව හිටහන්" මුට්ටියා ගේ පිළිතුරට මට බකස් ගා හිනා යයි.

"හරි හරි, උඹ වරෙන් කෝ පෙන්නන්න මගේ progress එක. කොහොමත් උඹ දැන් campus යනවා නේ"

මෙම කාර්යය සිතු තරම් පහසු නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය. එහෙත් ඩීප් සහ මන්තිරියා උත්සාහය අත නොහරියි.

මම සැහැල්ලු සිතින් වෙන දේ බලා සිටිමි.



Thursday, August 8, 2013

දික්කසාදය හා පසු වදන

මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුවකි. සිවු වසරක් විශ්ව විද්‍යාල දිවිය නිමා කර විවා පත් මේ දෙදෙනා ඉතාමත් සුන්දර කෙළිලොල් දිවියක් ගෙවූ අතර, ඔහුටත් නොතේරෙන ඇයට ද නොතේරෙන යම් කිසි හේතුවක් නිසා ඇය ජීවිතයේ ඇති ගැඹුර සෙවීමට පටන් ගැනීම අවසන් වන්නේ තුන් වෙනියෙකු තුල එම ගැඹුර ඇය දුටු නිසාවෙනි. එය නිම වන්නේ දික්කසාදයකිනි.

අදට ද දික්කසාද වූ ඔහු හා ඇය කථා කරයි. ජීවිතයේ විශේෂ අවස්ථාවන්හිදී සුබ පතා ගනිති.නමුදු ඔවුන් දෙදෙන දික්කසාදයෙන් පසුව එකිනෙක කිසි දිනෙක මුණ නොගැසෙති. ඒ පැරණි ප්‍රේමය හා ගත වූ විවාහ දිවිය යලි මතකය ට නැගීමෙන් සිතෙහි ඇති වන දුක පහසුවෙන් නිවා ගත නොහැකි බව ඔවුන් දෙදෙනා හොඳින් දන්නා බැවිනි.


සිවු වසක සරසවි පෙම
ඵල දරයි දුරුත්තේ මනරම් දිනක
පති කුලපත් මම අත ගනිමි ඔහු
මගුල් බෙර සක් හඬ මැද

දිවි සැරියෙ කඩ ඉමක්
පසු කරමි මම තුටු සිතින්
නගයි මතකයට මංගල යහන
පටස් හඬින් බිඳුණු මල් වෙඩිල්ල

නව දිවි සැරිය
කෙලි දෙලෙන් හා තුටින්
සමනළියක ලෙද
ගෙවා දමනෙමි මම
මතක් වන තුරු දිනෙක
අමතක වු ජීවිතය

සොයන්නෙමි මම
සැම තැන .. නැතිවූ එම ගැඹුර
අසනෙමි ම හිමී ගෙන්
සොයා දෙන මෙන් එය
නොපොහොසත් වූ ඔහු
වල්මත් කරයි ම සිත

අහඹු එක දිනයක
දකිමි මම එ සෙවු ගැඹුර
එබී බලමි මම එ දෙස කුහුලින්
ඉටා ගනිමි මම
වෙනසකට දිවි සැරිය..

දෑස වැසූ එ කත
කිරා බලමින්’ යුක්තිය
වෙනස් කරවයි දිවි සැරිය
ගැඹුර සෙවුමට ඉඩ දෙමින්

යදමින් බිඳුණු මම
තිර අදිටනින් යුතු...
කිඳා බසිනෙමි තෙරක් නොපෙනෙන
ඒ ගැඹුර ට ම..

යලිදු මා මතකට නගයි ...
පටස් හඬින් බිඳුණු මල් වෙඩිල්ල
බාදුරාවේ එ වැසුණු පියනේ හඬින්


කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...