Wednesday, November 28, 2012

devole nokalal - Sunil Edirisinghe - Pure Love


දෙවොලේ නොකැළැල්
පිදු ආදර මල්
සුවඳින් මන කල්
පිබිදෙමි හැම කල්

මලෙකින් මලකට ඇදෙමින් නොඉදුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක් මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

පවසට ඵල නැත සයුරේ රල වැල්
දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

නොකැළැල් ප්‍රේමයේ චමත්කාරය

නොකැළැල් ප්‍රේමයේ පවිත්‍රත්වය පුජනීය දෙවොලකට පිදු ආදරය නමැති මල් මෙනි. එම නොකිලිටි වූ ප්‍රේමයේ මල් සුවඳින් සතුටු වූ සිතින් මම මාගේ ජීවිතය අවදි කර ගන්නෙමි.ප්‍රේමය සත්‍ය වශයෙන්ම ප්‍රබෝධමත් ය. එහි රහස ඔබේ සිතට නැගෙන වචනයට නැගීමට අපහසු මල් සුවඳය.

ප්‍රේමය අවංකය. එය එකම පෙම්වතිය / පෙම්වතා වෙනුවෙන් කරන කැප කිරීමකි. අවංක ප්‍රේමවන්තයා හැම මලකම පහස නොලබයි. එසේ කිරීම ප්‍රේමවන්තයන්ගේ/ප්‍රේමවන්තියන් ගේ  ලොවට කරන්නා වූ නිග්‍රහයකි. ඔහු අනෙකුත් අවිහිංසක තරුණියන් පීඩාවට පත් කරන චපල ගති ඇත්තෙකු නොවේ. 

ප්‍රේමය  ඔබව පීඩනයට, වෙහෙසට පත් වී ඇති විට එම අඳුරෙන් ඔබව ගලවා ඔබගේ මුවට සැහැල්ලු සිනහවක් ගෙන එයි. එය ලොව කොතරම් ගැහැනුන් සිටියද ඔබට අවංක ව ප්‍රේම කරන පෙම්වන්තියගෙන් ඔබට ලැබෙනුයේ , කෙතරම් ජලය සයුරේ තිබුනද ඔබගේ පිපාසය සංසිඳුවන්න ට සමත් සිහිල් දොළකින් ගත් දිය දෝතක් මෙනි.

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...